April 19, 2024

උත්සවයක් අතරතුර දැරියක් ජනපති තුරුලට යයි

September 10, 2017

කවුඩුල්ල ප්‍රදේශයේ ගම්මානයක අද (10) දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතී ධීවර ආම්පන්න හා බෝට්ටු බෙදා දීම උත්සවයක් අතර කාගේත් අවධානය යොමු වූ සිද්ධියක් ගැන වාර්ත වේ. 

මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි දනුල්‍යා නම් කුඩා දැරියක් තම දෙමව්පියන් සමග මෙම උත්සවයට පැමිණ සිටි අතර එම දැරිය ජනාධිපතිවරයා දැකීමෙන් පසු ” මෛත්‍රී සියා “යනුවෙන් පවසමින් ජනාධිපතිවරයා දෙසට දිවගෙන යාමට සැරසුනත් ජනාධිපතිවරයාගේ ආරක්ෂයින් එයට ඉඩ දී නොමැත.

මෙම සිද්ධිය දුටු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වහාම ඔහුගේ ආරක්ෂක අංශයට පැවසුවේ ඇයට පැමිණීමට ඉඩ දෙන ලෙසයි. පසුව ජනාධිපතිවරයාගේ තුරලට පැමිණි ඇය උත්සවය අවසන් වනතුරම ජනාධිපතිවරයා සමග සිටිය බව වාර්තා වේ. 

Rate this item
(0 votes)
Last modified on Sunday, 10 September 2017 16:10