April 19, 2024

මහින්ද - රනිල් අතර හදිසි හමුවක්

September 08, 2017

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ(07) හදිසි සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වේ.

ඊයේ සවස පැවති මෙම සාකච්ඡාවේදී 20 වන සංශෝධනය ඇතුලූ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ නව අණපනත් සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී ඇතැයි ආරංචි මාර්ග පැවසී ය.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය සඳහන් කළේ එමෙන්ම පළාත්පාලන ආයතන ඡන්ද විමසීමේ සංශෝධන පනත  මගින් ක්‍ෂේත්‍ර නිලධාරීන්ට ඡන්ද අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වීමේ අයිතිය අහිමිවීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමුවූ බවයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 11 September 2017 10:55