April 25, 2024

ගෝඨා කරළියට: නව සංවිධානයෙන් 06 වනදා වැඩ අල්ලයි

September 05, 2017

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්‌ථාව පරාජය කිරීමේ අරමුණින් හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ ගේ පුරෝගාමීත්වයෙන් "එළිය" නමින් සංවිධානයක්‌ එළි දැක්‌වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ව්‍යවස්ථා සංශෝධන අනතුර පිළිබඳ කතිකාව නමින් එහි පළමු සම්මන්ත්‍රණය ලබන 06 වන දා බොරලැස්ගමුවේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා මෙන්ම වෙනත් දේශපාලන නායකයන් සහ විද්වතුන්, කලාකරුවන් සහ වෘත්තීයවේදීන් ඇතුළු විශාල පිරිසක්‌ මෙම උත්සවයට සහභාගි වීමට නියමිත බව වාර්තා වේ.

පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්‌ස නාහිමි, විමල් තිරිමාන්න පියතුමා, හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, රියර් අද්මිරාල් සරත් වීරසේකර, මේජර් ජනරාල් කමල් ගුණරත්න, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමාරා කුනනායගම්, හිටපු එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක, විශේෂඥ වෛද්‍ය සීනා අරඹේපොල ආදීන් මෙම සම්මන්ත්‍රණය අමතනු ඇති බව වාර්තා වේ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 06 September 2017 10:36