March 28, 2024

ජගත් ජයසූරියගේ ප්‍රශ්නය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

September 03, 2017

ආණ්ඩුවේ වැරදි තිබෙන බවත්, නිවැරදි කළ යුතු දේ තිබෙන බවත් යන ගමන වෙනස්විය යුතු බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසූවේ කොළඹ කැම්බල් පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 66 වැනි සංවත්සර සමුළුව අමතමිනි.

හිටපු ජනපතිවරයා මැතිවරණකට ගියේ ආර්ථික හා දේශපාලනික වශයෙන් අර්බුදයකට ලක්ව සිටි බැවින් යැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවසී ය.

“ජාත්‍යන්තර ආර්ථික සම්බන්ධතා පැනවීම ආරම්භ කර තිබුණේ. ලෝකයම අවි අමෝරාගෙන සිටියේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය අපි නිසා දෙකට බෙදුණා. ජාත්‍යන්තර අපි නිසා දෙකට බෙඳුණා. අද ෆේස්බුක්, වෙබ් සයිට්, උද්ඝෝෂන ලැබී ඇති ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම භුක්ති විදිනවා. පක්ෂය තුළත් ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විදනවා. යුද්ධයක් තිබුණ රටක් දෙකට බෙදිලා සිටියේ නෑ. නමුත් අපි දෙකට බෙදුණා.“

“ අද වෙන විට සමහරු මට චෝදනා කරනවා එජාපය සමඟ එකතු වී ආණ්ඩු කරනවා කියාලා. අපි එජාපය සමඟ ඉන්න තාක්කල් පක්ෂය හා එක් වෙන්නේ නෑ කියලා. නමුත් රටේ අනාගතය විශිෂ්ඨත්වයෙන් ගොඩ නගන්න අපි හැමෝම එකතු විය යුතුයි. ලෝක ඉතිහාසයේදී අපේ රට බරපතළ අසීරුව අභියෝගයන්ට මුහුණ දුන්නා. අපි දේශපාලන පක්ෂ එකට එකතු වෙලා, ප්‍රශ්නවලට මුහුණ දීලා රට ඉදිරියට රැගෙන යා යුතුයි.

මම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එදා ශ්‍රීලනිපයේ ලේකම් විදිහට ලිඛිතව දැනුම් දුන්නා එදා මැතිවරණයකට යන්න එපා  කියලා. මම කිව්වා මැතිවරණයකට යන්න කලින් කරන්න දේශපාලන වෙනස් රැසක් තියෙනවා කියලා. නැත්නම් ඡන්දය පරදිනවා කියලා. මම කිව්වා අපි ජාතික එකමුතුව ගොඩ නගාලා ඡන්දයකට යමු කියාලා. නමුත් පක්ෂේ ජේෂ්ඨයින් කිව්ව දේ එදා ඔහු ඇහුවේ නෑ.මැතිවරණය තිබ්බා.මම හෘද සාක්ෂියට එකඟව කියන්නේ. එදා ජාත්‍යන්තර අර්බුද තිබ්බා. ආර්ථික අර්බුද තිබ්බා. ඒ වගේම එදා පාලකයා ජාතික දේශපාලනයෙන් බැහැරව වෙනත් ගමනක් යන්න තීරණය කරපු තොරතුරු මා අත තිබ්බ නිසා මම පොදු අපේක්ෂකයා වෙන්න තීරණය කළා.

අපි යන ගමනේ නිවැරදි  කළ යුතු දේවල් තියෙනවා. වෙනස්කම් කළ යුතු දේවල් තියෙනවා. අද මම ජනාධිපති නොවුණානම් එදා 2015 තිබ්බ ප්‍රශ්නයට වඩා රටේ ප්‍රශ්න වැඩි වෙන්න තිබ්බා. හෘද සාක්ෂියෙන් අහන්න.එදා අපිට ආර්ථික සම්බාධක තිබ්බා. ජී. එස්. පී. මුළු ලෝකයම මාතෘ භූමියට විරුද්ධ වුණා.මානව හිමිකම් කඩවීම ගැන චෝදනා තිබ්බා. ලෝකය තුළම අපි පැරදුනා. ඒත් ජාත්‍යන්තරය වෛර කරද්දී චෝදනා කරද්දී ජනාධිපතිවරණය තිබ්බා.එදා ජාත්‍යන්තර අභියෝගයට මුහුණ දිය නොහැකි නිසා, ආර්ථික අර්බුදයට මහුණ දිය නොහැකි නිසා ප්‍රශ්න අපේ පිට දාලා ගියා. රටේ මෙන්ම පක්ෂයේත් ප්‍රජාතන්ත්‍රවාදය අපි තහවුරු කරලා තියෙනවා. ඒ නිසාම අද රටේ හොදට වගේම නරක විදිහටත්, රටකට නොගැළපෙන විදිහට ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විදිනවා. සමාජ ජාල මාධ්‍ය ඔස්සේ, රට පුරා උද්ඝෝෂණ තියලා විවිධ විදිහට අනිසි ලෙස ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විදිනවා. අඩු ගානේ එදා ශ්‍රීලනි පක්ෂයටවත් ප්‍රජාතන්ත්‍රවාදය තිබ්බේ නෑ. නමුත් අපි පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළා.ඒත් ඒකටත් සමහරු කැමති නෑ.

බඩු මිල,රැකී රක්ෂා ප්‍රශ්න ජාත්‍යන්තරය සමඟ තිබ්බ ප්‍රශ්න එක්ක ඒවා ප්‍රාථමික ප්‍රශ්න.ඒවා අපිට විසඳා ගන්න පුළුවන්. කුමන විවේචන ආවත් රට බේරා ගන්න අපි කටයුතු කරලා තියෙනවා.ඇතැම් අය අසත්‍ය දේවල් කියනවා. ඊයේ පෙරේදා ආවා ජගත් ජයසූරිය මහතාගේ ප්‍රශ්නයක්. ඒක මුහුදින් එගොඩ ප්‍රශ්නයක්.ඒත් මම කියනවා මගේ රටේ කිසිම කෙනෙක්ම අත කියන්න මම ඉඩ තියන්නේ නෑ කියලා. 
ඒ වගේම අද පවුල් දේශපාලනයක් නෑ. අපි එක ගමනක් යන්න රට ගොඩ නගන්න එකතු විය යුතුයි. ඒ නිසා මම හැම කෙනාටම ආරාධනා කරනවා එක ගමනක් යන්න එකතු වෙන්න කියාලා“ යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Monday, 04 September 2017 10:36