March 28, 2024

දයාසිරි - අර්ජුන කැබිනට් රැස්වීමේදී මත ගැටුමක: අර්ජුන ක්‍රීඩා ඇමැතිකම බාරගන්න යයි?

සුගතදාස ජාතික ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථය ඉදිකිරීම සම්බන්ධව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා නිරීක්ෂණ ඉදිරිපත් කිරීමත් සමඟ ඔවුන් දෙදෙනා අතර ඊයේ (29) පැවැති කැබිනට් රැස්වීමේදී උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ බව රජයේ ආරංච මාර්ග පවසයි.

එහිදී එම තත්ත්වය සමථයකට පත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට මැදිහත්වීමට සිදුවූ බවද වාර්තා වේ.

'හැමදේකටම ඔබතුමා අතදානවා' යැයි මෙහිදී දයාසිරි ජයසේකර මහතා චෝදනා කළ අතර අර්ජුන රණතුංග මහතා ඊට පිළිතුරු වශයෙන් ප්‍රකාශ කළේ 'ක්‍රීඩාවට සම්බන්ධ ඕනෑම දෙයක් පිළිබඳ මැදිහත්වීමට තමාට යුතුකමක්' ඇති බවයි.

එහිදී දයාසිරි ජයසේකර අමාත්‍යවරයා කීවේ, 'එහෙනම් ක්‍රීඩා අමාත්‍යාංශයත් ඔබතුමාම භාර ගන්නා' ලෙසයි. ඊට පිළිතුරු දුන් අර්ජුන රණතුංග අමාත්‍යවරයා පැවසුවේ 'දැන් තියෙන අමාත්‍යාංශයත් එක්ක ක්‍රීඩා අමාත්‍යාංශය දුන්නොත් භාරගන්නා' බවයි.

මෙම උණුසුම් වචන හුවමාරුව සිදුවෙද්දී ඊට මැදිහත් වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසූයේ, 'ඉදිරියේදී මේ ගැන සාකච්ඡා කරමු' යැයි සඳහන් කර ඇතැයි එම ආරංචි මාර්ග පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 31 August 2017 10:41