April 25, 2024

ඒකාබද්ධයේ සැලසුම එළියට: ශ්‍රීලනිප මන්ත්‍රීවරු “පොහොට්ටුවෙන්“ මැතිවරණයට

එළැඹෙන පළාත් පාලන මැතිවණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පුළුල් සංවිධානයක් නිර්මාණය කරමින් මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබේ.

මෙම පුළුල් සංවිධානය නිර්මාණය කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති අතර, ඔවුන් ඒ සඳහා පාර්ශ්ව කිහිපයක් සමග සාකච්ඡා ආරම්භ කර තිබේ.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීරීවරුන් ද එම සංවිධානය හා එක්ව තරග කිරීමට නියමිතය.

ඒකාබද්ධ විපක්ෂය මේ වනවිට පොදුජන පෙරමුණත් සමග පුළුල් සන්ධානයක් සැකසීමට කටයුතු කරමින් ඇති අතර ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය නියෝජය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම එම සන්ධානයත් සමග මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතය.

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග මැතිවරණයට යාමට නොහැකි බව ඒකාබද්ධ විපක්ෂයේ මතය වී තිබේ.

Rate this item
(4 votes)
Last modified on Wednesday, 30 August 2017 10:34