April 25, 2024

තිස්ස යළි එජාපයට?

ජාතික මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු තමා ක්‍රියාකාරී දේශපාලනයට එන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ ඉදිරි මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීම සඳහා සක්‍රීය දායකත්වය ලබාදීමට සූදානමින් සිටින බවයි.

ඉදිරි ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය බිම් මට්ටමේ වැඩපිළිවෙළක් සකස් විය යුතු බවද හෙතෙම සඳහන් කළේය.

තමා තවමත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු බවත්, පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය දීමට ඉදිරිපත් වුවත් තමා පක්ෂයෙන් ඉවත් නොවූ අතර, තවමත් එජාප සාමාජිකයකු බවත් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මීට පෙර එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතා ප්‍රකාශ කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා නැවත පක්ෂයට එකතු වන්නේ නම් ඉහළින්ම ප්‍රතිචාර දක්වන බවයි.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 29 August 2017 10:22