April 24, 2024

“මට ඇමැතිකම් එපා“ විජයදාස ජනපතිට කියයි - විජයදාස ඉවත් කිරීමේ ලිපියට ජනපති අත්සන් කරයි?

අධිකරණ හා බුද්ධශාසන ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට අදලා ලිපියට අත්සන් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේවන විට පියවර ගෙන ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව විජයදාස රාජපක්‍ෂ මහතා සිය ඇමැතිධූරයෙන් අද(23) ඉල්ලා අස්වීමට නියමිතය.

එම අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙහිදී ජනාධිපතිවරයා විජයදාස රාජපක්‍ෂ ඇමැතිවරයාට ප්‍රකාශ කර ඇත්තේ බුද්ධ ශාසන ඇමැති ධූරයේ තව දුරටත් කටයුතු කරන බවයි.

එහිදී ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා සඳහන් කර ඇත්තේ තමන්ට බුද්ධශාසන ඇමැතිකම හෝ වෙනත් ඇමැති ධූරයක් අවශ්‍ය නොවන බවයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා විජයදාස රාජපක්‍ෂ මහතා අධිකරණ හා බුද්ධශාසන ඇමැති ධූරයෙන් ඉවත් කිරීමේ ලිපියට අද අත්සන් තැබීමට නියමිතය.

ඒ අනුව විජයදාස රාජපක්‍ෂ මහතා අවසන් වරට අද අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යංශයට පැමිණීමට නියමිත බවත් ඇමැතිවරයා අද දිනයේ සිය කාර්ය මණ්ඩලය අවසන් වරට අමතනු ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන්නේ විජේදාස රාජපෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත ඊයේ රාත‍්‍රියේ ලබා දී ඇති බවයි.

ඒ අනුව පාර්ලිමේන්තුවේදී අද දිනයේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු ධුරයෙන් ඉවත්වනු ඇති බවද එම ආරංචි මාර්ග සදහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 August 2017 12:43