March 29, 2024

රවී යටතේ තිබූ ලොතරැයි මණ්ඩලය මංගලට

රවී කරුණානායක මහතා විදේශ ඇමැති ලෙස පත්වීමෙන් පසු විදේශ අමාත්‍යංශය යටතට පැවරා තිබූ ලොතරැයි මණ්ඩලය යලි මුදල් අමාත්‍යංශයට ලබා දීමට සැලසුම් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
 
ලොතරැයි මණ්ඩලය මීට පෙර තිබුණේ මුදල් අමාත්‍යංශය යටතේය. පසුගියදා සිදු කළ කැබිනට් මණ්ඩල සංශෝධනයත් සමඟ මුදල් අමාත්‍යංශය යටතේ පැවැති ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යංශය යටතට පැවැරිනි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ මංගල සමරවීර මහතාය. විදේශ ඇමැති ලෙස කටයුතු කළ රවී කරුණානායක මහතා පසුගිය 10 වනදා ඉල්ලා අස් විය.

Rate this item
(0 votes)
Last modified on Monday, 14 August 2017 12:14