April 20, 2024

රවී ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වෙයි - අද සිට පසුපෙල මන්ත්‍රීවරයෙක්

විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය.

එහිදී රවී කරුණානායක මහතා සඳහන් කළේ තමන් අද සිට පසුපෙල මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බවයි.

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඔහුගේ නමද සම්බන්ධ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇමැතිවරයාගෙන් පසුගියදා බැඳුම්කර වංචාව පිළිබඳ විශේෂ විමර්ශන කොමිසම ප්‍රශ්න කරනු ලැබීය.

මේ හේතුවෙන් රවී කරුණානායක ඇමැතිවරයාට ඉවත්වන්නැයි දේශපාලනඥයින් රැසක් ඉල්ලීම් කර තිබිණි.

ඒ අනුව ජනපති හා අගමැති හමුවී ඊයේ(09) විශේෂ සාකච්ඡාවක් ද සිදුකළ රවී කරුණානායක මහතා අද(10) තම තීරණය ප්‍රකාශයට පත් කළේය.

Rate this item
(2 votes)
Last modified on Friday, 11 August 2017 14:43