March 29, 2024

ජනපති - අගමැති සහ රවී අතර තීරණාත්මක සාකච්ඡාවක්

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානක මහතා පමණක් සහභාගි වන විශේෂ රැස්වීමක් මේ වන විට පැවැත්වෙන බව රජයේ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව එම සාකච්ඡාවක පැයක පමණ කාලයක සිට පැවැත්වෙන බව වාර්තා වේ.

මේ අතර අද (09) පැවැති කැබිනට් රැස්වීමටද රවි කරුණනායක මහතා සහභාගී නොවීය.

මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් රවි කරුණනායක මහතාටද චෝදනා එල්ල වී තිබේ. ඔහු අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙසට ආණ්ඩුවේ ඉහළම නියෝජිතයින් පවසා ඇති බවද වාර්තා පලවිය.

මේ අතර විදේශ ඇමැති රවී කරුණානායක මහතා අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන්නැයි ශ්‍රිලනිප කැබිනට් අමාත්‍යවරුන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඊයේ (08) රාත්‍රීයේ ඉල්ලීමක් කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

ජනාධිපතිවරයා සහ ශ්‍රිලනිප කැබිනට් අමාත්‍යවරුන් අතර ජනපති නිල නිවසේ පැවති හදිසි සාකච්ඡාවක දී ජනාධිපතිවරාගෙන් මෙම ඉල්ලීම කර ඇතැයි වාර්තා වෙයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 August 2017 09:48