April 25, 2024

ස්වර්ණවාහිනිය අර්ජුන ඇලෝසියස් මිලදී ගනී?

අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන ඇලෝසියස් විසින් EAP මාධ්‍ය ජාලයට අයත් ස්වර්ණවාහිනී නාලිකාව මිලදී ගැනීමට සුදානමකින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

අර්ජුන ඇලෝසියස් විසින් මේ සඳහා උපක්‍රමයක් යොදා ගෙන ඇති බවත් එනම් ඔහු මෙම ගණුදෙනුවේ ඔහුගේ නම සම්බන්ධ නොකිරීම පිණිස, සිංගප්පුරු සාමගමක් හරහා, ETI ( Edirisinghe Trust Investment ) වෙත දැනටමත් මිලියන 200 ක මුදලක් බැර කර ඇති අතර, මෙය ගෙවා ඇත්තේ මුලික ගෙවීම එනම්, මෙම ආයතනය අනිවාර්යයෙන් තමන් මිලදී ගන්නා බව සනාථ කිරීමට ගෙවූ මුදලක් බවත් වාර්තා වේ.

මෙය වඩාත් තහවුරු වනුයේ ETI ( Edirisinghe Trust Investment ) යනු ස්වර්ණවාහිනියට සම්බන්ධ එනම් EAP සමාගමට අනුබද්ධ වූ ආයතනයක් හේතුවෙනි.

EAP මාධ්‍ය ජාලයේ හිටපු සභාපතිනී ආචාර්ය සෝමා එදිරිසිංහ මහත්මියගේ අභාවයෙන් පසු එම ආයතන දැඩි ලෙස කඩාවැටීමකට එනම් පාඩු ලබන ආයතනයක් බවට පත්ව ඇති අතර මෑතකදී එහි සේවය කරන ප්‍රසිද්ධ නිවේදක නිවේදිකාවන් මෙන්ම කළමනාකරණ මණ්ඩලයේ පිරිසක් ස්වර්ණවාහිණි ආයතනයෙන් ඉවත්වී වෙනත් ආයතනවලට සම්බන්ධ වීම තුලින් මෙම සිද්ධිය තව දුරටත් තහවුරු වන බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඔහු විසින් ස්වර්ණවාහිනී ආයතනයට සම්බන්ධ සියලුම ජනමාධ්‍ය ආයතන මිලියන 3000කට මිලදී ගැනීමට නියමිත බවද වාර්තාවේ.

ඊට අමතරව පසුගිය කාලය පුරාම විවිධ ආයතන රැසක් මිලදී ගැනීමට අර්ජුන ඇලෝසියස්ට අයත් සමාගම් කටයුතු කල අතර ඒ සඳහා ආයෝජනය කර ඇති සියලු මුදල් බැදුම්කර වංචාවෙන් උපයන ලද මුදල් බවට ඇතැම් විපක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කළේය.

Rate this item
(2 votes)