March 28, 2024

මහින්ද ඝාතන කුමන්ත්‍රණයක්? මන්ත්‍රී 11කගේ කල්ලියක් ගැන හෙළිදරව්වක්

ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රී කණ්ඩායමක් තමන්ව ඝාතනය කිරීම සදහා කුමන්ත‍්‍රණය කර ඇති බව එජනිස මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

වැඩියෙන් කෑගහන මන්ත්‍රීවරයෙකු අමරවීරව මරලා දාමු යනුවෙන් ප්‍රකාශ කර ඇති බවත් ඒවට බයේ දේශපාලනයේ නිරත නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම පිරිස මන්ත‍්‍රීවරුන් 11 දෙනෙකුගෙන් යුතු බව ද අම්බලන්ගොඩදී පැවති ජනහමුවක් අමතමින් හෙතෙම සඳහන් කළේය.

තමාව දේශපාලනයෙන් ඉවත් කිරීමට එක් මන්ත්‍රීවරයෙකු යෝජනා කර ඇති බවත් තවත් දරදඩු යෝජනා ගෙන ආවත් අනෙක් මන්ත්‍රීවරුන් ඊට අකමැති වී ඇති බවත් තමා සහ ජනාධිපතිවරයා අතරත්, හිටපු ජනපති හා තමා අතරත් ගැටුම් ඇති කිරීමට එම කණ්ඩායම ලොකු උත්සාහයක් ගෙන ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රීලනිපය සහ එජනිස එක්කිරීමට තමන් ගන්නා උත්සාහය ව්‍යර්ථ කිරීමේ අරමුණින් කටයුතු කරන කණ්ඩායමක් සිටින බවත් එම කණ්ඩායම ඇතුලේ ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් 11 දෙනෙකුගේ කණ්ඩායමක් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

නව අමාත්‍යධූරයේ වැඩි බාරගත් දිනයේ ජනපති කළ ප්‍රකාශය නිසා තමන්ට මෙවැනි සිද්ධීන්ට මුහුණ දීමට සිදු වන බව දැනසිටි බවත් මහින්ද අමරවීරට ගහන්න මන්ත්‍රීවරුන් හා ෆේස්බුක් කල්ලිය එක්වූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 July 2017 13:39