March 29, 2024

ඇමැති කබීර් එක්ක එජාපයේ පිරිසක් චීනයේ සංචාරයක

චීනයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තු මධ්‍යම කමිටුවේ ආරාධනයකට අනුව, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා ඇතුළු එජාප නියෝජිත පිරිස මෙම මස 06 වැනිදා දක්වා චීනයේ සංචාරයක නිරතව සිටී.

මෙම සංචාරය ආරම්භ කරමින් පසුගිය 29 වැනිදා ශ්‍රී ලංකා දූත පිරිස සාංචු පළාතේ අගනගරය වන Taiyuan වෙත පැමිණි අතර එහිදී මෙරට නියෝජිත පිරිස සාංචු පළාත් කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් එච්.ඊ. ලූඕ හුසිං මහතා විසින් පිළිගන්නා ලදී. එහිදී එජාප නියෝජිත පිරිසට පිළිගැනීමේ භෝජන සංග්‍රහයක් ද පවත්වනු ලැබීය.

මෙහිදී මෙරට නියෝජිත පිරිසට චීනයේ ක්‍රියාත්මක වන කර්මාන්ත සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන පිළිබද අධ්‍යනය කිරීමටත් එම කර්මාන්ත ශාලා නැරඹීමටත් එම පිරිසට මෙහිදී අවස්ථාව උදා විය.

අමාත්‍ය කබීර් හෂීම් මහතා ඇතුළු දූත පිරිස චීනයේ කොමියුනිස්ට් පක්ෂය සමග පැවති සාකච්ඡාවලදී එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආසියානු කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සමගද සාකච්ජා කරනු ලැබීය.

මෙම දූත පිරිස 03 වැනිදා නන්ජිං ආර්ථික හා තාක්ෂණික සංවර්ධන කලාපයට පැමිණි අතර එහි කටයුතු ක්‍රියාත්මක වන ආකාරය සහ එවැනි සංවර්ධන කලාප මගින් ආර්ථිකයට ලබාගත හැකි ප්‍රතිපල පිළිබදවද මෙහිදී විමසා බැලීමටද කටයුතු කරනු ලැබීය.

මෙම අවස්ථාවට ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය මෙන්ම මැතිඇමතිවරුන්, පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් මෙන්ම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සභික, කොළඹ දිස්ත්‍රික් කළමනාකාර කේ.එච්. ලසන්ත ගුණවර්ධන මහතා ඇතුලු පිරිසක් මෙසේ සංචාරයට එක්ව සිටී.

Rate this item
(0 votes)