March 28, 2024

සැප්තැම්බරයේ පෙරළියක්? ශ්‍රීලනිප මන්ත්‍රීවරු 18ක් ආණ්ඩුවෙන් ඉවතට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැති, රාජ්‍ය ඇමැති සහ නියෝජ්‍ය ඇමැති ධූර හොබවන මන්ත්‍රීවරුන් 18 දෙනෙක් ලබන සැප්තැම්බර් මාසයේ දී ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා සඳහන් කරන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය හා එක්ව ඇති කරගත් අවබෝධතා ගිවිසුම ලබන සැප්තැම්බර් මාසයේ දී අවසන් වන බවත් ඒ අනුව සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවත්ය.

ආණ්ඩුවෙන් ඉවත්වීමෙන් පසු ස්වාධීන මන්ත්‍රීවරුන් පිරිසක් ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා බවත් රාජ්‍ය ඇමැතිවරයා 2020 දී පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනතුරු එසේ කටයුතු කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පැවසූවේ සම්මුතිවාදී යහපාලන ආණ්ඩුවේ ඇමැති ධූර දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් රජයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවක් තමා නොදන්නා බවයි.

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුම අවසන්වන්නේ ලබන දෙසැම්බර් 31 වැනිදා බවද ඇමැතිවරයා පැවසී ය.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 04 July 2017 11:29