April 25, 2024

කරළියෙන් එහා: නාමල් මෛත‍්‍රී හමුවෙයි - එජාප සංවිධායක රඟපෑමක

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ සිද්ධියත් මුතුරාජවෙල කුණු ප්‍රශ්නයත් නිසා පසුගිය සතියේ දේශපාලන කරළියෙන් එහා උණුසුම් විය.

ජනාධිපතිවරයා බණ්ඩාරවෙල ආ යුතු බව සමන්ත කියයි

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ආරම්භ වූයේ 2008 අපේ‍්‍රල් මාසයේදීය. ඒ ඉරාන රජයේ ව්‍යාපෘතියක් ලෙසය. ව්‍යාපෘතිය ආරම්භවීමත් සමඟ එවකට ජවිපෙ බදුල්ල දිස්ත‍්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුව සිටි සමන්ත විද්‍යාරත්න මෙම ව්‍යාපෘතියෙන් විය හැකි අහිතකර ප‍්‍රතිවිපාක පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරවීය. පසුව මෙයට එරෙහිව නඩු කටයුතු ආරම්භ කිරීමටද කටයුතු කළේය. වසර කිහිපයක් ගතවන විට එහි අහිතකර බලපෑම් පිළිබඳව ප‍්‍රදේශයේ ඇතැම් පිරිස්වල අවධානය යොමූ වූ අතර සමන්ත විද්‍යාරත්නගේ මැදිහත්වීමෙන් ප‍්‍රදේශයේ නායක හාමුදුරුවන් වහන්සේලා සහ සිවිල් ක‍්‍රියාකාරීන් එක්ව 2010 වර්ෂයේදී උමා ඔය සුරැුකීමේ සංවිධානය බිහි කරන ලදී. එම සංවිධානය මගින් මෙම ව්‍යාපෘතිය වැළැක්වීමට විවිධ ක‍්‍රියාමාර්ග ගත් නමුදු පසුගිය මහින්ද රාජපක්ෂ රජය මේ පිළිබඳව අවධානය යොමු නොකළේය. කෙසේ වෙතත් ජනතා විරෝධය එන්න එන්නම වැඩිවූ අතර 2015දී උමා ඔය බහුවිනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ ගොඩනැගීමට කටයුතු කෙරිණි.

මුල් කාලයේදී ජවිපෙ, සිවිල් ක‍්‍රියාකාරීන්, පරිසරවේදීන් මේ පිළිබඳව කරුණු පැහැදිලි කළද ප‍්‍රදේශයේ ජනතාව මෙය වැඩි අවධානයකට නොගත් අතර නිවාස, පුජනීය ස්ථාන, පාසල් ඉරිතැලීම්වලට ලක්වීමත් ළිං ඇතුළු ජල උල්පත් සිඳී යෑමට ආරම්භ වීමත් සමඟ ජනතාව අනතුර තේරුම්ගැනීමට පටන් ගත්තේය. මේ විරෝධය උත්සන්නවීමත් සමඟ පසුගිය 28වෙනිදා හර්තාලයක් මට්ටමට ජනතාව සංවිධානය විය. ප‍්‍රදේශයේ ජනතාව විසිදහසකට අධික පිරිසක් බණ්ඩාරවෙල නගරය වසා උද්ඝෝෂණ කළෝය. ”අපේ දරු පවුල් අනාථයි මහත්තයෝ, අපිට යන්න එන්න තැනක් නෑ. අපි ඒකයි ආවේ” උද්ඝෝෂණයට පැමිණි ජනතාව විලාප තැබූහ. කෙසේ වෙතත් ජනාධිපතිවරයාට මේ ගැටලූව මගහැර යෑමට නොහැකි වූ අතර සාකච්ඡුාවක් ලබාදීමට සිදුවිය. ”එක එක්කෙනා එවන පෙම් හසුන්වලින් අපිට වැඩක් නෑ. ජනාධිපතිතුමා බණ්ඩාරවෙලට එන්න ඕනෑ. මේ විපත එතුමගේ ඇස්දෙකෙන් බලාගන්න ඕනෑ” සමන්ත විද්‍යාරත්න උද්ඝෝෂකයින් අමතමින් කිවේය. කෙසේ වෙතත් මේ ජනතාව සමන්ත විද්‍යාරත්න ඇතුළු පූජකතුමන්ලාගේ සහ සිවිල් කි‍්‍රයාකාරීන් වටා එක් රොක් වීමත් සමඟ එජාප බණ්ඩාරවෙල ආසන සංවිධායක කලබල විය. ඔහු මාධ්‍ය සංදර්ශන පවත්වා මාධ්‍ය අවධානය දිනාගැනීමට උත්සහ ගත්තේය. රේල් පාරේ වාඩිගත්තේය. ”රැුස්වීම් කරලා හරියන්නේ නැහැ. මේක තමයි කරන්න ඕනෑ” ඔහු රේල් පාරේ වාඩිවෙමින් කීවේය. ඌව මහ ඇමතිවරයා කුපිත විය. ”උඹලා මොකටද සමන්තගේ වැඬේට මිනිස්සුන්ට යන්න දුන්නෙ. අපි දැන් කොහොමද පාරේ බැහැලා යන්නේ. මිනිස්සුන්ට මුහුණ දෙන්නේ” මහ ඇමතිවරයා පාක්ෂිකයින්ට බැණවැදුණ බව සමන්ත විද්‍යාරත්නට දැනගන්නට ලැබිණි. කෙසේ වුවද මෙම උද්ඝෝෂණය හේතුවෙන් ආණ්ඩුව තුළ කලබලයක් ඇති වී ඇති අතර ඇතැම් නිලධාරීන් සෘජුවම කතා නොකර වෙනත් මාර්ගවලින් සමන්ත විද්‍යාරත්න සම්බන්ධ කර ගැනීමට උත්සහ දරන බවද දැනගන්නට ලැබී තිබේ.
එතෙර අපි සංවිධානයෙන් රටඉඳි පරිත්‍යාගයක්

රාමසාන් උත්සව සමයේදී රටඉඳි සඳහා බදු අඩු කරන ලෙස ජවිපෙ මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී මුදල් අමාත්‍යවරයාගේ අවධානය යොමු කිරීමත් සමඟ මේ පිළිබඳව ප‍්‍රතිචාර දැක්වූයේ සෞදි ආරාබියේ සිටින ශ‍්‍රී ලාංකික ජනතාවයි. මුදල් ඇමතිවරයා මෙයට යහපත් ප‍්‍රතිචාර දැක්වීමට ම`ගහැර තිබුණත් විදෙස් ගත ශ‍්‍රී ලාංකිකයින් එතෙර අපි සංවිධානය අමතා මෙයට යම් විසඳුමක් ලබාදීමට තමන්ට කළ හැකි දේ සාකච්ඡුා කළේය. අනතුරුව සෞදිඅරාබියේ සේවය කරන ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් එක්වී එතෙර අපි සංවිධානය මගින් සුනිල් හඳුන්නෙත්ති වෙත රටඉඳි තොගයක් එවීමට කටයුතු කළේ රාමසාන් උත්සව සමයේදී මුස්ලිම් ජනතාවට බෙදාදීම සඳහාය. එම රටඉඳි තොගය ජවිපෙ මන්ත‍්‍රීවරුන්ගේ මැදිහත්වීමෙන් විවිධ ප‍්‍රදේශවල මුස්ලිම් පල්ලි සඳහා බෙදාදීමට කටයුතු කෙරිණි.

නාමල් මෛත‍්‍රී හමුවෙයි
මේ වනවිට ජවිපෙ පළාත් සභා මන්ත‍්‍රී නාමල් කරුණාරත්න ගොවි ජනතාවගේ ගොවි නායකයා බවට පත්වී තිබෙන්නේ නිතරගයෙන්මය. පසුගිය කාලයේ වී ගොවියන්ගේ ගැටලූවට, සහල් පාරිභෝගිකයින්ගේ ගැටලූවලට, සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ ගැටලූවලට, පොහොර සහනාධාරය නොලැබීමේ ගැටලූවට, නියං සහනාධාර ලබානොදීමේ ගැටලූවට, කිරි ගොවියන්ගේ ගැටලූවට මැදිහත්වූයේ නාමල් කරුණාරත්න ජාතික සංවිධායක ධුරය දරන සමස්ත ලංකා ගොවිජන සම්මේලනයයි. ඔවුන්ගේ මැදිහත්වීමෙන් විශාල සටන් ප‍්‍රමාණයක් දිනාගැනීමටත් සෘජුවම ජනාධිපතිවරයා සමඟ සාකච්ඡුා ලබාගැනීමටත් හැකිවීමත් සමඟ ගොවි ජනතාව සිය සම්පූර්ණ විශ්වාසය සමස්ත ලංකා ගොවිජන සම්මේනය වෙතත් නාමල් කරුණාරත්න වෙතත් තැබීමට නොපැකිළව ඉදිරිපත් වූහ. ඒ සමඟ සියලූම ගොවි ප‍්‍රදේශවල ජනතාව සිය ගැටලූ නාමල් කරුණාරත්නට ඉදිරිපත් කිරීමටත් සිය උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ගවලට ඔහුට ආරාධනා කිරීමටත් පටන් ගත්තේය. හම්බන්තොට, මොණරාගල, මීරිගම ගොවියන් පමණක් නොව මුලතිව්, කිලිනොච්චි, මන්නාරම් ගොවියන් පවා නාමල් කරුණාරත්නට එම දිස්ත‍්‍රික්කවල පැමිණෙන ලෙස ආරාධනා කළහ. මෙම ආරාධනා සියල්ලටම ප‍්‍රතිචාර දැක්වීමට නොහැකි වුවත් නාමල් කරුණාරත්න හැකි ආකාරයෙන් එම දිස්ත‍්‍රික්කවලට ගොස් ගොවි ජනතාව සමඟ ප‍්‍රශ්න පිළිබඳව සාකච්ඡුා කිරීමටත් පාලකයින්ගේ අවධානය එම ගැටලූ වෙත යොමු කිරීමටත් කටයුතු කරමින් සිටී. ”අපි ඔබතුමා ටීවී එකෙන් විතරයි දැකලා තිබුණේ. අපේ ප‍්‍රශ්න ගැන කතා කරන්න ඉන්නේ ඔබතුමා විතරයි. අපිව බලන්න ආපු එක ලොකු පිනක්” පසුගියදා මුලතිව් ප‍්‍රදේශයට ගිය නාමල් කරුණාරත්නට එම ප‍්‍රදේශයේ ජනතාව කියා සිටියේය. මේ අතර කරිගොවියන්ගේ ගැටලූ ගණනාවක් පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු කරවීම සඳහා පසුගිය විසිපස්වෙනිදා දඹුල්ලේදී කිරිගොවියන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සමඟ ඒකාබද්ධව උද්ඝෝෂණයක් පැවැත්වීය. එයට ප‍්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා විසින් 29වෙනිදා පෙරවරුවේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයට සාකච්ඡුාවක් ලබාදුන්නේය.


සතුන්ගෙන් වගා හානි වැළැක්වීමට විජිතගේ කමිටුව උත්තර සොයයි
පාර්ලිමේන්තුවේ කෘෂිකර්ම අමාත්‍යංශ අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා විජිත හේරත් මන්ත‍්‍රීවරයාය. පසුගිය පාර්ලිමේන්තු සභාවාරයේදී කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරීන් මෙම කමිටුවට කැඳවා තිබිණි. එහිදී ප‍්‍රධාන සාකච්ඡුාව බවට පත්වූයේ කෘමි සතුන් නොවන වන සතුන්ගෙන් වගාවලට සිදුවන හානි නිසා ගොවිජනතාව මුහුණ දී සිටින ගැටලූ පිළිබඳවය. ”මොනරුන්, ඌරන්, ලේනුන් ඇතුළු සත්වයන්ගෙන් වී ගොවිතැනට, ධාන්‍ය වගාවන්ට, කෙසෙල්, මඤඤොක්කා ඇතුළු වගාවන්ට සිදුවන හානි වැළැක්වීමට මෙතෙක් කෘෂිකර්ම අමාත්‍යංශය පවා විසඳුමක් දීලා නැහැ. ගොවියන්ගෙන් පැමිණිලි එනවා මේවා ගැන. නියඟයෙන්, පොහොර සහනාධාර නැතුව බැට කන ගොවියට මේකත් විශාල ප‍්‍රශ්නයක්. ඔබතුමාලට මොනවද මේ ප‍්‍රශ්නෙට තියෙන විසඳුම්” විජිත හේරත් කාරකසභාවේදී කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කළේය. ”වඳුරන්ට වෙඩි තියන්න වායු රයිෆල් දෙනවා. සත්තු එලවන්න එක එක දේවල් කරනවා ගොවියෝ. ඒත් මේකට නිශ්චිත විසඳුමක් නැහැ මන්ත‍්‍රීතුමා” නිලධාරීහු කියා සිටියහ. ”මේක ලොකු ගැටලූවක් වෙලා තියෙන්නේ. ඒ නිසා විසඳුමක් හදන්න වෙනවා. ඒ නිසා ඔබතුමාලා මේකට හරියන විසඳුමක් යෝජනා කරලා නිර්දේශ සහිත වාර්තාවක් හදන්න. අපි ඊළඟ රැුස්වීමේදී මේක සාකච්ඡුා කරමු.” විජිත හේරත් කියා සිටියේය. මේ අතර කාරක සභාවේ සාමාජිකයෙකු වන රතන ස්වාමින් වහන්සේ විසින් ග්ලයිපොසෙට් පිළිබඳව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ලියවිල්ලක් ගැනද කාරක සභාවේ අවධානය යොමු විය. මේ ගල්යිපොසෙට් ගැටලූව ගැන වැඩිදුරටත් සාකච්ඡුා කිරීමට ලබන මස 06වෙනිදා දින යොදාගත් අතර එදිනට වැවිල් කර්මාන්ත ඇමතිවරයාද කාරක සභාවට කැඳවීමට තීරණය විය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 01 July 2017 10:30