පසුගිය රජය විදුලිබල මණ්ඩලයේ ඉහළ සේවකයින්ට පමණක් විශාල වශයෙන් වැටුප් වැඩිකළ අතර පහළ ශ්‍රේණිවල සේවකයින්ගේ වැටුප්වල වැඩිවීමක් සිදුනොවීම නිසා ඔවුන් විරෝධතාවල නිරතව සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
විදුලිබල සේවකයින් නිරතව සිටින විරෝධතා ව්‍යාපාරය පිළිබඳව ද අදහස් දැක්වමින් නුවරඑළියේ පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
උමා ඔය ව්‍යාපෘතිය ඉංජිනේරුවන්ගේ උපදෙස් නොතකමින් දේශපාලන තීන්දු මත ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවීම හේතුවෙන් මෙම අයහපත් ප්‍රතිවිපාකවලට ප්‍රදේශයේ ජනතාවට මුහුණදීමට සිදුව තිබෙන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා අද පැන නැගී තිබෙන ජනතා විරෝධතා හමුවේ, එම වැරදි දේශපාලන තීන්දු ගනිමින් කෝටි ගණන් මුදල් වංචා කළ පිරිස නිහඬ පිළිවෙතක් අනුගමනය කළද, වැරදි ඇස්තමේන්තු සකස් කරමින් ව්‍යපෘතියෙන් මූල්‍ය වංචා සිදුකළ අය පිළිබඳව ද වෙනම පරීක්ෂණයක් සිදු කිරීමට තමා ඉදිරියේදී අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේය.
එසේම සයිටම්වලට එරෙහි විරෝධතා පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ එම ගැටලුව ද රටට නිර්මාණය කළේ පසුගිය රජයම බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ෆේස් බුක් සහ ඇතැම් සමාජ වෙබ් අඩවි අද ජාතික සමගිය සහ ආගමික සංහිඳියාව ගොඩනැගීමේදී බාධාවක් වී ඇති බවයි.
අන්තවාදී පිරිස් මේවා භාවිතා කරමින් සමාජය තුළ ගැටුම් ඇතිකිරීමට උත්සාහ දරමින් සිටින බැවින් මේ පිළිබඳ සියලුදෙනා අවබෝධයෙන් කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.