April 25, 2024

තානාපතිධුරවල වෙනසක් - සියලුම තානාපතිවරුන් හදිසියේම මෙරටට කැඳවයි

ලෝකය පුරා දැනට විසිරී සිටින ශ්‍රී ලාංකික තානාපතිවරුන් සියලුදෙනා මෙරටට කැඳවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 4 සහ 5 දිනවල විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට රජය සූදානම් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලාංකික තානාපතිවරු 63 දෙනෙක් මෙම සාකච්ඡාව සඳහා සහභාගි වන අතර දැනට පුරප්පාඩු වී තිබෙන තානාපතිධුර 7ක් සඳහා සුදුසු අය පත් කිරීමටද නියමිතය.

එම සාකච්ඡාවේදී රටට අවශ්‍ය නව විදේශ ප්‍රතිපත්ති සකස් කිරීමටද නියමිත අතර දැනට අකාර්යක්ෂම ලෙස රාජකාරිවල නිරත තානාපතිවරු කිහිපදෙනෙක් ඉවත් කිරීමටද විදේශ කටයුතු අමාත්‍යංශය කටයුතු කරගෙන යන බව විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක මහතා ඊයේ (25) සිරිකොත පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

මේ අනුව යුරෝපයේ සිටින තානාපතිවරු කිහිපදෙනෙකු ඉවත් කර ආසියාවට නව තානාපතිවරු කිහිපදෙනෙක් පත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 27 June 2017 16:00