April 18, 2024

දහම් සිරිසේන පොරොන්දු ඉටු කළ හැටි (PHOTO)

පසුගියදා දිවයිනට බලපෑ අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව ගංවතුරෙන් තම නිවස අහිමි වූ ලබන වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත රත්නපුර අයගම පණ්ඩුකඳේ වත්ත ප්‍රදේශයේ පියාද අහිමිව දිවි ගෙවන දෙව්මිණි නම් අධ්‍යාපනයට දක්ෂ දරුවෙකුගේ දුක්බර පුවතක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර ඒ පිළිබඳව සොයා බැලීමට පසුගිය බ්‍රහස්පතින්දා දහම් සිරිසේන මහතා එම ප්‍රදේශයට ගියේය.

එහිදී පුංචි දෙව්මිණිගේ කඬාවැටුනු නිවස සහ සිදුවූ සිදුවීම නීරීක්ෂණය කර එහිදී දෙව්මිණි දැරියට සහ ඇගේ මවට සුදුසු ස්ථානයක නව නිවසක් කඩිනමින්ම ඉදිකර දෙන බවට පොරොන්දුවක් ලබා දුන්නේය.

එම පොරොන්දුව ලබා දී සතියක් ගත වන ඊයේ (22) දිනයේදී පුංචි දෙව්මිණි දැරියගේ අහිමි වූ නිවෙස වෙනුවට නව නිවෙසක් සෑදීම සඳහා මුල් ගල තැබීම අවට විහාරස්ථාන වල ස්වාමින් වහන්සේලාගේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ඊයේ උදෑසන 10.15ට යෙදුන සුභ නැකතින් දහම් සිරිසේන මහතා අතින් සිදු විය.

මෙම නව නිවෙස සඳහා අවශ්‍ය ඉඩම කිරිඇල්ල නැඳුන් රජමහා විහාරස්ථානය විසින් පරිත්‍යාග කල අතර නිවස ගොඩනැගීම සඳහා රජයේ කිසිඳු ප්‍රතිපාදනයක් ලබා නොගෙන තම පෞද්ගලික දැන හැඳුනුම්කම් මත ආධාර උපකාර ලබාගෙන මාස 3ක් ඇතුලත ගොඩනැගීමට දහම් සිරිසේන මහතා සැලසුම් කර ඇත.

ගංවතුරෙන් විපතට පත්වූ නැති බැරි අපේම ජනතාව වෙනුවෙන් මෙවැනිම වූ නව නිවාස කිහිපයක්ම රජයේ මැදිහත්වීමකින් තොරව ගොඩනගා විපතට පත්වූ ජනතාව වෙනුවෙන් ලබා දීමට තමා අදහස් කරගෙන සිටින බවත් ඒ සඳහා උපකාර කිරීමට කැමති අයට ආරාධනා කරන බවත් දහම් සිරිසේන මහතා එහිදී සඳහන් කර සිටියේය.

Image may contain: 7 people, outdoor

Image may contain: 5 people, people standing, wedding, tree, sky and outdoor

Image may contain: 3 people, people sitting and child

Image may contain: 5 people

Image may contain: 7 people, people smiling, people standing, crowd and outdoor

Image may contain: 5 people, people standing, wedding, tree and outdoor

Image may contain: tree and outdoor

Image may contain: outdoor and nature

Rate this item
(0 votes)
Last modified on Friday, 23 June 2017 12:42