March 29, 2024

ජනපති පුත් දහම්ගෙන් පුංචි දෙව්මිණිට පොරොන්දුවක් (PHOTOS)

පසුගියදා දිවයිනට බලපෑ අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව ගංවතුරෙන් තම නිවස අහිමි වූ ලබන වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත රත්නපුර අයගම පණ්ඩුකඳේ වත්ත ප්‍රදේශයේ පියාද අහිමිව දිවි ගෙවන දෙව්මිණි නම් අධ්‍යාපනයට දක්ෂ දරුවෙකුගේ දුක්බර පුවතක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර ඒ පිළිබඳව සොයා බැලීමට පසුගිය 14 වනදා ජනපති පුත් දහම් සිරිසේන මහතා එම ප්‍රදේශයට ගියේය.

එහිදී පුංචි දෙව්මිණිගේ කඩා වැටුනු නිවස සහ සිදු වූ සිදුවීම නීරීක්ෂණය කර එහිදී දෙව්මිණි දැරියට සහ ඇගේ මවට සුදුසු ස්ථානයක නව නිවසක් කඩිනමින්ම ඉදිකර දෙන බවට පොරොන්දුවක් ලබා දුන්නේය.

ඉන් අනතුරුව ඊට අදාල ඉඩමක් ලබා ගැනීම සඳහා දහම් සිරිසේන මහතා කිරිඇල්ල නැඳුන් රජමහා විහාරස්ථානයේ නායක ස්වාමින්වහන්සේ හඳපාන්ගොඩ මහින්ද නායක ස්වාමින් වහන්සේ සහ හිටපු ශ්‍රීපාදස්ථානාධිපති හඳපාන්ගොඩ විමල නායක ස්වාමින්වහන්සේ මුණ ගැසී මේ පිළිබඳව සාකච්ඡා කර තිබේ.

රජයේ කිසිඳු ප්‍රතිපාදනයක් ලබා නොගෙන තම පෞද්ගලික දැන හැඳුනුම්කම් මත ආධාර උපකාර ලබාගෙන මෙම දැරියට නව නිවෙස සාදා දෙන බව එහිදී නායක ස්වාමින් වහන්සේලාට දහම් සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත.

නායක ස්වාමින් වහන්සේලා එහිදී ප්‍රකාශ කලේ එම නිවස සෑදීම සඳහා රජමහා විහාරස්ථානයට අයත් පර්චස් 20ක ඉඩමක් ලබා දීමට සූදානම් බවත්, නිවස ඉදිකිරීම සඳහා මුල් ගල තබන දින එහි වැඩම කර සෙත් පිරිත් සජ්ඣායනා කිරීමට නායක ස්වාමින් වහන්සේලා වැඩම කරන බවත්ය.

Rate this item
(0 votes)