April 25, 2024

හරීන්ට රනිල්ගෙන් කැපිල්ලක්? - ඇමැති ධූරය වෙනස් කරන්න අගමැති අකමැති වෙයි

පසුගියදා සිදුවූ ඇමැති මාරුවේදී විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ඇමැතිධූරය වෙනස් කිරීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කළද අගමැතිවරයා ඊට අකමැත්ත ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්  අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ “ජනාධිපතිතුමා මගේ කැබිනට් ඇමැතිකම වෙනස් කරන්න කැමති වෙලා හිටියත් අගමැතිතුමා මට වෙනස් කරන්න දුන්නේ නැහැ“

ඊයේ පෙරේදා ඇමැති මාරුවක් වූ අවස්ථාවේ තමාටත් මාරුවක් ලැබුණේ නම් හොඳ බව හිතුණේ බදුල්ලේ තමා වෙනුවෙන් සිටිනා මිනිස්සු වෙනුවෙන් බවත් එසේ නම් බොහෝ අයට රැකියා ලබාදීමට හැකිව තිබූ බවද අමාත්‍යවරයා පවසයි.

තම අමාත්‍ය ධුරය වෙනස් නොවීමෙන් සිතට තරහක් පැමිණියද නමුත් ඊළඟ ඡන්දය පරාද වුවත් ලංකාවේ ළමුන්ගේ හිතන දකින විදිහ වෙනස් කළ යුතු බව තේරුම් ගියා යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.

අමාත්‍යවරුයා මේ බව සඳහන් කර සිටියේ බදුල්ලේ පැවැති උත්සවයකදීය.

මීට පෙර අවස්ථා කිහිපයකදීම හරීන් ප්‍රනාන්දු මහතා තමන්ට වැඩ කළ හැකි අමාත්‍ය ධූරයක් අවශ්‍ය බව සඳහන් කර තිබිණි. කෙසේ වෙතත් පසුගියදා සිදු වූ ඇමැති මාරුවේදීද හරීන් ප්‍රනාන්දු මහතාගේ ඇමැති ධූරය වෙනස් කරනු ඇතැයි සිතුවද ඇමැති ධූරය වෙනස් නොවිණි.

Rate this item
(2 votes)
Last modified on Monday, 19 June 2017 10:41