April 25, 2024

කරළියෙන් එහා: රාජිත සොයා මෛත්‍රීගෙන් මෙහෙයුමක් - නාමල් කේක් නොකෑමේ රහස

පසුගිය සතියේ කරළියෙන් එහා උණුසුම් වූයේ කුණු ප්‍රශ්නය සහ ඩෙංගු රෝගීන්ගේ ඉහල යාමත් නිසාය. තවත් කාරණා රාශියක් දේශපාලන කරළියේ සිදු විය. මේ සතියේ කැබිනට් රැස්වීමෙන් පසුව ආපදා කළමනාකරණය ගැන කරුණු සොයා බැලීම සඳහා වන කමිටුව රැස්විය. එහිදී මෛත්‍රී කීවේ නිවාස ඉදි කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් රුපියල් මිලියන පන්දහසක් ලබාදෙන බවය. “දැන් ඩෙංගු ප්‍රශ්නයත් ඇවිත් තියෙනවා. නාගරීකරණය නිසා ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙනවා” රාජිත කීවේය.
“ඒකට කුණු ප්‍රශ්නයත් බලපානවා. කසළ කළමනාකරණය කිරීමටත් අවධානය යොමු කළ යුතුයි” සුසිල් කීවේය. “ගෝඨා හමුදාව යොදාගෙන කසළ ඉවත් කිරීමට කටයුතු කළා. ඒ ආකාරයේ වැඩසටහනක් අපිත් ක්‍රියාත්මක කරන්න ඕන” රාජිත යෝජනා කළේය.
මේ අතර ආර්ථික කමිටුවත් මේ සතියේදී රැස්විය. එහිදී වැඩි අවධානයක් යොමු වූයේ රබර් ආනයනය කිරීම කෙරෙහිය. සමාගම් කිහිපයක් කර තිබූ ඉල්ලීම ඉදිරිපත් කළේ මුදල් අමාත්‍යාංශයේ උපදේශක පාස්කරලිංගම්ය. එහෙත් එයට නවීන් දිසානායක ඇමැතිවරයා වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. “රබර් ආනයනය කරනවානම් සෙස් බද්දක් දාලා ඕන ආනයනය කරන්න ඕන. අනෙක රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවෙන් තමයි ඒක ගෙන්වන්න ඕන” නවීන් යෝජනා කළේය. එයට රනිල්ගේ අනුමැතියද හිමිවිය.

රනිල් ගිය රෝහලේ ඇඩ්‍රස් එක කිරිඇල්ල ඉල්ලයි

අගමැති රනිල් වික්‍රමසිංහ ඇමෙරිකාවේ පෞද්ගලික සංචාරය නිමකර ලංකාවට ආවේ පසුගිය සෙනසුරාදාය. ලංකාවට පැමිණෙන රනිල් පිළිගැනීමට එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරු පිරිසක් පැමිණ සිටියහ.
“අගමැතිතුමා කාර් එකෙන් බහිනකොටම ඔබතුමා මුලින් ගිහින් පිළිගන්න. අගමැතිතුමා නැති කාලයේදී සභානායක විදියට ඔබතුමානේ සේරම වැඩ ටික කළේ” සාගල රත්නායක ඇමැතිවරයා කීවේ ලක්ෂ්මන් කිරිඇල්ලටය. “අපි හැමෝම ගිහින් පිළිගනිමු” කිරිඇල්ල කීවේය. එහෙත් අනෙක් ඇමැතිවරු කීවේ කිරිඇල්ල මූලිකත්වය ගත යුතු බවය. ඒ අනුව කිරිඇල්ල ගොස් රනිල් පිළිගත්තේය.

“මම ගියපු රෝහල ලෝකයේ දියුණුම රෝහලක්. අති නවීන උපකරණ දැක්කම පුදුමයට පත් වෙනවා” රනිල් කීවේය. “කෝකටත් සර් ඒ හොස්පිටල් එකේ ඇඩ්‍රස් එක අපිට දෙන්න” කිරිඇල්ල කීවේ සිනා හඬ මැදය.
මේ අතර රනිල් සිය සුපුරුදු රාජකාරී වැඩ කටයුතු ආරම්භ කරමින් ආපදාවලින් පීඩාවට පත් පුද්ගලයන් ගැන සොයා බැලීමට ගියේය. කළුතරට සහ මාතරට ගිය ඔහු ගාල්ලේ නෙළුවට යාමට සූදානමින් සිටියේ හෙලිකොප්ටරයෙන්ය. එහෙත් අයහපත් කාලගුණයට එයට බාධා වීම නිසා ඔහුට සාගලගේ සොයුරාගේ නිවසේ රැය පහන් කිරීමට සිදුවිය.

නාමල් කේක් නොකෑමේ රහස

ජපානයේ සංචාරයක නිරතව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ලංකාවට ආවේ පසුගිය ඉරිදාය. එදින රාත්‍රියේදී මහින්දගේ විජේරාම නිල නිවසේ පිරිතක් සංවිධානය වී තිබුණේ ඔහු නිල නිවසේ පදිංචියට යාමට කටයුතු සූදානම් කරගෙන තිබූ නිසාය. ඒකාබද්ධ විපක්ෂයේ මැති ඇමැතිවරු මෙන්ම රාජපක්ෂ පවු‍ලේ සාමාජිකයෝද එක්ව සිටියේ පිරිත් පමණක් නොව පසුදින යෝෂිත රාජපක්ෂගේ උපන් දිනයද තිබුණ නිසාය. පිරිත් දේශනය පැවැත්වෙන අතරවාරයේදී කේක් ගෙඩියක් ගෙනවිත් යෝෂිතගේ උපන් දිනය සමරන්න විය. යෝෂිත මහින්දටත්, ශිරන්තිටත් කේක් කවා නාමල්ට කේක් කෑල්ලක් කැවීමට සූදානම්විය. එහෙත් නාමල් කේක් කෑම ප්‍රතික්ෂේප කළේය. “එහෙනම් කේක් කෑල්ලක් කනවා වගේ ඉඳගෙන පින්තූරයක් ගනිමු”ඉදිරිපත්වූ යෝජනාවට නාමල් කැමැත්ත පළ කළේය.
“මෙයා ඉතින් හැමදාම කේක් කනවා වගේ ඉඳගෙන ‍පොටෝ ගැහුවට කේක් කන්නේ නෑනේ” මහින්ද නාමල්ට විහිළු කළේය. “මම කේක් කන්නේ නැත්තේ බිත්තරදාන නිසා” නාමල් කේක් නොකෑමේ රහස හෙළිකළේය.

මෛත්‍රීගේ හදිසි කැඳවීම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ට බ්‍රහස්පතින්දා රාත්‍රියේදී ජනපති මෛත්‍රීගේ නිල නිවසට කැඳවීමක් ලැබි තිබුණි. ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ට කැඳවීමක් ලැබි තිබුණේ කාලයකට පසුවය.
“කාලයකට පස්සේ තමයි අපි හමුවෙන්නේ. රටේ තියෙන දේශපාලන තත්ත්වය වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැනත් අපි අද කතා කරමු. හැමෝටම නිදහසේ අදහස් දක්වන්න පුළුවන්. අපි හැමෝම විවෘතව කතා කරමු” මෛත්‍රී කීවේය. ඒ අනුව මුලින්ම නැගී සිටියේ නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ඔහු කතා කළේ ප්‍රධාන කරුණු තුනක් ඔස්සේය.

“විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, බලය බෙදීම සහ ඒකීය භාවය යන කරුණු සම්බන්ධයෙන්නේ ප්‍රශ්න තියෙන්නේ. අපි මේ ගැන කතා කරන්න දවස් දාගන්නවා. ඒත් තවම අපිට හමුවෙලා මේ ගැන කතා කරන්න වුණේ නෑ” නිමල් සිරිපාල ද සිල්වා කීවේ ව්‍යවස්ථා සංශෝධනය ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොලැබිම ගැන කනගාටුව පළ කරමිනි. “අද අපි මේ ගැන කතා කරමු” මෛත්‍රී යෝජනා කළේය.
“ජනාධිපතිවරණයේදී ‍පොදු අපේක්ෂකයා විදියට ජනාධිපතිතුමා ‍පොරොන්දු වුණේ ජනමත විචාරණයකට නොයන සංශෝධන කිරීමටයි. ජනමත විචාරණයක් නොපවත්වා ජනාධිපති ධුරය සංශෝධනය කිරීමට තමයි ‍පොරොන්දු වුණේ. එහෙම බැලුවම විධායක බලය අඩු කරලා තියෙනවා. කොහොමත් ඒකීය භාවය කියන වචනය ඉවත් කරන්න අපි කැමැති නැහැ. බලය විමධ්‍යගත කිරීමට අපි කැමැතියි” සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා කරුණු පැහැදිලි කළේය.

“මට ඕන විදියට මේවා වෙනස් කරන්න ඕන නැහැ. මම ජනාධිපති ධුරයේ ඉන්නවාය කියලා හිතාගෙන කිසිම දෙයක් වෙනස් කරන්න එපා. පුද්ගලයින් ගැන හිතන්නේ නැතිව අවශ්‍ය වෙනස්කම් ටික කරන්න” මෛත්‍රී කීවේය.

මෛත්‍රීට රාජිත සොයා ගන්න බැරි වෙයි

මෛත්‍රීට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න සොයා ගැනීමට නොහැකිවූ කතාවක්ද මේ අතරවාරයේ මෛත්‍රී හෙළි කළේය. ඒ කුණු ප්‍රශ්නය මතුවූ අවස්ථාවේදීය. කුණු ප්‍රශ්නයට විසඳුම් ලබාදීමට කටයුතු කිරීමේදී ඇතැම් මැතිඇමැතිවරු දක්වන විරෝධය ගැනද මෛත්‍රී කරුණු පැහැදිළි කළේය. “දැන් ඩෙංගු හැමතැනම. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රශ්න තියෙනවා. සෞඛ්‍ය ඇමැතිතුමා හොයා ගන්න මම බැලුවා. අමාත්‍යාංශයේ ‍ලේකම්තුමාට කතා කළා. ඇමැතිතුමාගේ නෝනට කතා කළා. පුතාටත් කතා කළා. ඒ කවුරුවත් ඇමැතිතුමා කොහේද කියලා දන්නේ නෑ. කොයි රටේ හිටියත් මට කතා කරන්න කියලා මම පණිඩුයක් තිව්ව අන්තිමේදී” මෛත්‍රී කීවේය.

මේ අතර දයාසිරි ජයසේකර ඇමැතිවරයා ගැනද මෛත්‍රී සිය අවධානය යොමු කළේය. “දයාසිරි දැන් සුසන්තිකත් එක්ක තිබුණ ප්‍රශ්නය ඉවරයි නේද” මෛත්‍රී ඇසුවේය. “ඔව් සර්. ඊයේ අමාත්‍යාංශයට ඇවිත් මාස දෙකක පඩි අරගෙන ගියා” දයාසිරි කීවේය
“ඔයත් ඕවට පැටලෙන්න කලින් දන්න කෙනෙකුගෙන් අහන්න එපායැ. මේ එස්.බි. ඇමැතිතුමාගෙන් ඇහුවනම් ඔහොම ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ” මෛත්‍රී කියනවිට සියල්ලෝම සිනාසුනහ. දේශපාලන කතාවලින් සහ ආගිය රස කතාවලින් පිරි සාකච්ඡාව අවසන් වූයේ රාත්‍රී නමයයි තිහට පමණය. මැති ඇමැතිවරු මෛත්‍රීගේ නිවසින් පිටත්ව ගියේ පරාටා සහ නාන් රොටි ආහාරයට ගැනීමෙන් පසුවය.

දැන් සහෝදර සමාගම තියෙන්නේ මෙහෙ 

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරි මාස දෙක තුළ දිස්ත‍්‍රික්ක මට්ටමින් දිරිය පුරවැසි සමුළු මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කරමින් සිටියි. ඒ සඳහා මේ දිනවල දිස්ත‍්‍රික්ක මට්ටමින් සූදානම් කිරීමේ කටයුතු ජවිපෙ නායකයින්ගේ මැදිහත්වීමෙන් සිදුකරගෙන යමින් තිබේ. ජවිපෙ මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති පසුගිය සතියේ දින තුනක් ඒ සඳහා වෙන්කරමින් පොළොන්නරුවේ සංවිධාන කටයුතු සිදුකළේය. එහිදී පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ මැතිවරණ ආසන ආවරණය වන පරිදි ගොඩ නගා තිබෙන දිරිය පුරවැසි සමිති කැඳවා පවතින දේශපාලන තත්වය පිළිබඳව සාකච්ඡුා කිරීමටත් අලූතින් දිරිය පුරවැසි සමිති ගොඩනැගීම සඳහාත් මන්ත‍්‍රීවරයා මැදිහත්විය. මේ අතර දේශපාලනයට සංවේදී පිරිස් රැුස්කොට ජනහමු කිහිපයක් පැවැත්වීමටද මන්ත‍්‍රීවරයා කාලය වෙන්කර ගත්තේය.

මේ අතර අරලගංවිල පැවැති රැුස්වීමකට ගොවි ජනතාව ඇතුළු එකසිය පනහකට වැඩි පිරිසක් සහභාගි වූහ. රැුස්වීම අවසනදී කිහිප දෙනෙක් මන්ත‍්‍රීවරයා සමීපයට විත් දිස්ත‍්‍රික්කයේ ගැටලූ පිළිබඳවත් කරුණු හෙළි කළේය. ”මන්ත‍්‍රීතුමා, අපි ඉන්නේ මහවැලි ඉඩම්වල. ඒත් තවමත් අපිට ඉඩම්වලට ඔප්පුවක් දීලා නැහැ. අඩුම තරමේ බලපත‍්‍රයක් නැහැ. අපිට අපේ ඉඩමේ අයිතියක් ගන්න විදියක් නැතුව ඉන්නේ” එක් ගොවි මහතෙකු කියා සිටියේය. ”ඔව් මන්ත‍්‍රීතුමා, දිස්ත‍්‍රික්කයේ ආණ්ඩුවේ හිටපු එක මන්ත‍්‍රීවරයෙක්වත් අපේ ප‍්‍රශ්නෙට උත්තරයක් දුන්නේ නැහැ. ඒ අය හිතනවා අපිව පාලනය කරන්න මේක විසඳන්නේ නැතිව ඉන්න එක හොඳයි කියලා. ඡුන්ද කාලෙට මේක තමයි තුරුම්පුවක් කරගන්නේ” රැුස්වීමට සහභාගි වූ ගුරුවරයෙක් කියා සිටියේය. ”අපි දේශපාලන වශයෙන් ස්වාධීන වෙයි කියලා ඒ අය බයයි. අපිව ආණ්ඩුවට බැඳලා තියාගන්න තමයි මේ ඉඩම් ඔප්පු නොදී ඉන්නේ. ඒත් අපි මේ ප‍්‍රශ්නය විසඳගන්න සංවිධානයක් හදාගන්න ඕනෑ. දැන් බලන්න මේ දිස්ත‍්‍රික්කයේ ඉන්න ටී.බී. සරත් මහත්තයා ගොවි සංගමයේ ලේකම්. එතුමා ගොවියන්ට වන්දි අරගෙන දෙන්න ලොකු මැදිහත්වීමක් කළා.” තවත් එක් ගොවි මහතෙක් කියා සිටියේය. ”ඒක හරි, හැම දෙයක්ම දිනාගන්න පුළුවන් ජනතාව සංවිධානය වුණොත් විතරයි. ඒ නිසා තමයි අපි කල්පනා කළේ ගමට සමිතියක් හදන්න.” හඳුන්නෙත්ති කියා සිටියේය.

තවත් ලොකු ප‍්‍රශ්නයක් තියෙනවා මන්ත‍්‍රීතුමා, ඉස්සර සහෝදර සමාගම හම්බන්තොට. දැන් පොළොන්නරුවේ. ගල් කඩන ඒවා, වැලි ගොඩ දාන ඒවා, පස් කැපීම්, වී මෝල්, ජොබ්වලට දාන ඒවා හැම දෙයක්ම පාලනය වෙන්නේ සහෝදරයින්ට ඕන විදියට. කලින් එකෙයි දැන් එකෙයි වෙනසක් නම් අපිට දැනෙන්නේ නැහැ” තවත් අයෙකු කියා සිටියේය. ”ඒක තමයි ඇත්ත තත්වේ. අපි ඒ අය ගැන දැන් ඕනෑවටත් වැඩිය දන්නවා. අපි කරන්න ඕනෑ ඒ ක‍්‍රමය වෙනස් කරන්න වැඩ කරන එකයි” මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

16ට කලින් පොහොර සහනාධාර දෙන බව අධ්‍යක්ෂ ගොවි සංගමයට දැනුම් දෙයි.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පසුගියදා ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කළේය. එම සම්මේලනයේ ජාතික සංවිධායක පළාත් සභා මන්ත‍්‍රී නාමල් කරුණාරත්න දඹුල්ලේදී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ 16වෙනිදා කලින් ගොවීන්ට පොහොර සහනාධාරය නොලැබුණහොත් උද්ඝෝෂණ කි‍්‍රයාමාර්ගවලට එළඹෙන බවය. මේ ප‍්‍රවෘත්තිය පළවෙනවාත් සමඟ පොහොර සහනාධාර කටයුතු භාර නිලධාරියෙක් නාමල් කරුණාරත්නට දුරකතනයෙන් ඇමතීය. ”මන්ත‍්‍රීතුමා අපි දාසයවෙනිදාට කලින් මුදල් වෙන්කරනවා පොහොර සහනාධාරයට. මේ වැඬේට ආයතන කිහිපයක්ම සම්බන්ධයි. ඒක නිසා තමයි වැඩ ප‍්‍රමාද. ඒත් ඔබතුමාලාගේ අරගලය නිසා තමයි මේ වැඩ ඉක්මන් වෙලා තියෙන්නේ.” නිලධාරියා කියා සිටියේය. ”හරි අපි ඔබතුමා විශ්වාස කරනවා. නමුත් 16ට කලින් වැඬේ වෙන්න ඕනෑ” නාමල් කරුණාරත්න කියා සිටියේය. ”ගංවතුර ආපු දිස්ත‍්‍රික්කවල පොඩි ප‍්‍රශ්නයක් තියෙනවා මන්ත‍්‍රීතුමා. කොහොම වුණත් අපි හැකි ඉක්මනින් මේක ලබාදෙනවා” නිලධාරියා පොරොන්දු විය.

කිරි අර්බුදය ගැන ගවගාලක් අසල මාධ්‍ය හමුවක්

මේ අතර පසුගිය දිනවල කිරි තොගයක් නිෂ්පාදනයන්ට යොදා නොගෙන ඉවත දැමීම සම්බන්ධයෙන්ද ගොවිජන සම්මේලනයේ නායකයින්ගේ අවධානය යොමු විය. මේ සම්බන්ධයෙන් මැදිහත්විය යුතු බවට ගොවි සංගම් නායකයෝ සාකච්ඡුා කළහ. මේ අතර කිරි ගොවීහු විශාල පිරිසක්ද දුරකතනයෙන් කතා කොට සිය ගැටලූ නාමල් කරුණාත්නට දැනුම් දුන්නෝය. ”අපි මේක මුලින්ම මාධ්‍ය කැඳවලා දැනුම්දීමක් කරමු. මුලින්ම මේ ප‍්‍රශ්නය ගැන ජනතාව හරියට දැනුවත් කරන්න ඕනෑ. ඊට පස්සේ තමයි කි‍්‍රයාමාර්ගවලට යන්න ඕනෑ. අපි අලූත් විදියට මේ මාධ්‍ය සාකච්ඡුාව තියමු. ගවයින් ඉන්න ගාලක් ළඟට කිරි ගොවියන් කැඳවලා එයාලා එක්කම මේ මාධ්‍ය සාකච්ඡුාව කරමු. එතකොට ඇත්තටම ප‍්‍රශ්නය තියෙන මිනිස්සුන්ගේ අදහස් එක්ක අපිට මාධ්‍යයට කතා කරන්න පුළුවන්.” නාමල් කරුණාත්න ගොවි නියෝජිතයින්ට කීවේය.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 20 June 2017 12:23