April 19, 2024

අගමැතිගේ වැඩ ගැන ජනපති අසතුටින් - ඇමැති මාරුවත් අගමැතිගේ වැඩක්

ඇමැතිවරුන් වෙනස් කර විෂයයන් පැවරීමේ තීන්දු ගෙන ඇත්තේ අගමැතිවරයා බවත් ඊට ජනපතිගේ සතුටක් ඇතැයි තමා නොසිතන බවත් සමාජ සවිබල ගැන්වීම්, සුබ සාධන හා උඩරට සංවර්ධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ මහනුවරදී ඊයේ(12) පැවැති උත්සවයකදීය.

එය නුසුදුසු බව තමාද පෞද්ගලිකව සිතන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ අතර ඉදිරියේදි පැවැත්වෙන පළාත් පාළන මැතිවරණය සඳහා දිනය තීරණය කිරිම සම්බන්ධයෙන් රජය පැත්තෙන් අවශ්‍ය කටයුතු ඉදිරි සති දෙකේ දී සුදානම් කර ඒ වගකීම මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට පවරන බවත් ඇමැතිවරයා පැවසී ය.

ජෝන් අමරතුංග ඇමැතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කළ විමසීමකට පිළිතුරු දුන් එස්.බී.දිසානායක ඇමැතිවරයා එය එතරම් ඔළුවට ගත යුතු දෙයක් නොවන බව ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 14 June 2017 13:24