March 29, 2024

ලොතරැයි මණ්ඩල ඉල්ලා විදෙස් ඇමැති රවී බලපෑම් කරලා

විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක මහතා ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය දැඩි ලෙස බලපෑම් කර එම අමාත්‍යාංශය යටතට ගත්තේ කුමන හේතුවක් මතදැයි රට හමුවේ ගැටලුවක් මතුවී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඒකාබද්ධ විපක්ෂයේ ඊයේ (11) පැවැති ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ලෝක ඉතිහාසයේ ලොතරැයි මණ්ඩලයක් විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට ගත් පළමු අවස්ථාව මෙය වන බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මෙවැනි ක්‍රියා හමුවේ ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය පිළිබඳ බොහෝ ප්‍රශ්න මතුවන අතර එමඟින් එජාපයේ දඩබ්බර පිළිවෙත් පාලනය කිරීමට එතුමාට හැකියාවක් නොමැති බව රටට පෙනෙන බවයි.

කෙසේ වෙතත් පසුගියදා සිදුකෙරුණු ඇමැති මණ්ඩල සංශෝධනයෙන් පසුව සංශෝධිත අමාත්‍යාංශ සඳහා විෂයයන් වෙන් කිරීමේදී විදේශ කටයුතු, මුදල් හා ජනමාධ්‍ය, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශ වෙත මෙතෙක් නොතිබුණු ආයතන වෙන් කරදී තිබිණි.

ඒ අනුව මුදල් අමාත්‍යාංශය යටතේ මෙතෙක් පැවැති ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට පත්කර ඇත.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 13 June 2017 13:32