April 20, 2024

අයවැයට පෙර ආණ්ඩු පෙරළියක්? ඒකාබද්ධ - ශ්‍රීලනිප ඇමැතිවරු රහස් සාකච්ඡාවක

ඒකාබද්ධ විපක්ෂය සමග ශ්‍රීලනිප ඇමැතිවරුන් රහස් සාකච්ඡා ආරම්භ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම නව ව්‍යවස්ථාව ශ්‍රීලනිප ස්ථාවරයට පටහැනිව සකස් කෙරෙන්නේ නම් ඊට සහාය නොදී ඒකාබද්ධ විපක්ෂය සමඟ එම ව්‍යවස්ථාවට විරුද්ධව පෙළ ගැසීමට ශ්‍රීලනිපයේ මැති ඇමැතිවරුන් පිරිසක් රහසේ සාකච්ඡා කරමින් ඇති බවයි.

පසුගියදා රැස්වූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේදීද සිංහලෙන් "ඒකීය" ලෙස තිබෙන වචනය ඉංග්‍රීසියෙන් (එක්සත්) ලෙස තැබීමට නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලනිප කණ්ඩායම විරෝධය පළකොට තිබේ. එහෙත් එහිදී එකඟතාවකින් තොරව එම සාකච්ඡා අවසන් වී ඇති අතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටද ශ්‍රීලනිප එකඟ වී නොමැති බව වාර්තා වේ.

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ ලොබියේදී එම ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් මුණගැසී අවුරුදු 5ක් රජයේ නොසිටිය යුතු බවටද සාකච්ඡා කොට තිබේ. එක් පක්ෂයක් ආණ්ඩුව කළ යුතු බවද ඔවුන්ගේ අදහස වී ඇත.

අවුරුදු 5ක් යනතුරු ආණ්ඩුවේ රැඳී සිටිය හොත් ඊළඟ මැතිවරණයේදී ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී යනු ඇති බවද ඔවුන්ගේ අදහස වී ඇති අතර ඒ නිසා මේ වසරේ අය-වැය වනවිට වෙනසක් සිදුවිය යුතු බවද ඔවුහු අවධාරණය කොට සිටිති.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 June 2017 13:32