April 20, 2024

මුදල් අමාත්‍යාංශයේ කොටසක් යළි රවී යටතට - අලුත් ඇමැතිවරුන්ට හිමිවන ආයතන මෙන්න

කැබිනට් සංශෝධනයත් සමග නව අමාත්‍යංශයන් වෙත හිමිවන ආයතන සහ විෂය පථයන් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ඊයේ (09) නිවේදනය කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2017 ජුනි 07දා මෙම නිවේදනය නිකුත්කර ඇත.

ඒ අනුව මුදල් හා ජනමාධ්‍ය, විදේශ, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන කාර්යභාර යන අමාත්‍යාංශවල විෂයන් ගැසට් කර තිබේ.

මහා භාණ්ඩාගාරය, ජාතික අයවැය දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, රක්ෂණ මණ්ඩලය ඇතුළු ආයතන 33ක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ගැසට් කර ඇති අතර, ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ඇතුළු ආයතන 5ක් විදේශ අමාත්‍යාංශය යටතේ ගැසට් කර ඇත

ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ මිනුම්පති දෙපාර්තමේන්තුව ගැසට් කර ඇත්තේ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේය. 

සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල ඇතුළු ආයතන 3ක් සංවර්ධන කාර්යභාර අමාත්‍යාංශය යටතේ ගැසට් කර තිබේ.

එම ගැසට් නිවේදනය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Sunday, 11 June 2017 10:53