April 19, 2024

වෛද්‍ය පරීක්ෂණ අවසන් - අගමැති රනිල් රෝහලෙන් පිටවෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ පෞද්ගලික සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම්කර තිබු කාලයට ප්‍රථමයෙන් නැවත ආපසු පැමිණීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.

මේවනවිට වෛද්‍ය ප්‍රතිකාර අවසන් අදියරේ පවතින බැවින් ඉතා ඉක්මණින් ආපසු ලංකාවට පැමිණීමට හැකියාව ලැබෙනු ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.

අගමැතිවරයාගේ ඇමරිකා සංචාරය සෞඛ්‍ය සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් අනුව සිදුවුණ දෙයක් බවත් එය කල්දැමීමට අගමැතිවරයා උත්සහ කළද එය සිදු කළ නොහැති වු බවත් එම ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් වාර්තා වන අන්දමට ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරදී වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට භාජනය වී රෝහලෙන් පිටවූ අගමැතිවරයාට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දී අද (05) ආරම්භ කෙරෙන එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවට සහභාගි වන ලෙස ආරාධනා ලැබි තිබේ. ඒ අනුව අගමැතිවරයා එම සමුළුවට සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

සාගර සහ සමුද්‍ර සම්පත් තිරසර සංවර්ධනය උදෙසා උපයෝගී කර ගැනීම සහ සමුද්‍ර හා වෙරළබඩ පරිසර සාධකයන් කළමනාකරණය, ආරක්ෂණය සහ සංරක්ෂණය යන කරුණු පිළිබඳව මෙම සමුළුවේදී අවධානය යොමු කිරීමට නියමිතව ඇත. රාජ්‍ය හා ආණ්ඩු නායකයන්, අමාත්‍යවරුන්, ව්‍යවසායකයන් සහ සිවිල් නායකයන් මේ සඳහා සහභාගි වීමට නියමිතය.

මේ අතර සාගර හා වෙරළබඩ පරිහානිය යළි ආපස්සට හැරවීමේ ක්‍රියාදාමය මේ සමුළුවත් සමගින් ආරම්භ කෙරෙන බවට එක්සත් ජාතීන්ගේ සමුළුවේ සභාපති පීටර් තොම්සන් මහතා විශ්වාසය පළ කර තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 06 June 2017 11:30