April 24, 2024

නව කැබිනට් අමාත්‍යවරු 9ක් - නව ඇමති මණ්ඩලය මෙන්න

කැබිනට් අමාත්‍යවරු 9 දෙනෙක් සහ එක් රාජ්‍ය ඇමැතිවරයකු මීට සුළු මොහොතකට පෙර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ඒ අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ධූරය මංගල සමරවීර මහතාට, විදේශ කටයුතු අමාත්‍ය ධූරය රවී කරුණානායක මහතාට, ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය ධූරය අර්ජුන රණතුංග මහතාට, වරාය හා නාවික අමාත්‍ය ධූරය මහින්ද සමරසිංහ මහතාට ලබාදී තිබේ.

එසේම වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය වරයා ලෙස චන්දිම වීරක්කොඩි මහතාද, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ගයන්ත කරුණාතිලක, විශේෂ සංවර්ධන අමාත්‍ය වරයා ලෙස තිලක් මාරපන, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්ද අමරවීර මහතාට මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයද හිමිවී තිබේ.

සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය ධූරය දැරූ එස්.බී දිසානායක මහතාට එම විෂය ක්ෂේත්‍රයන්ට අමතරව ‘කඳුරට උරුමය' නම් නව විෂය ක්ෂේත්‍රය ලබාදී ඇති අතර ඩබ්.ඩී.ජේ සෙ‍නෙවිරත්න මහතාට කම්කරු, වෘත්තීය සමිති සබඳතා විෂයට අමතරව ‘සබරගමුව සංවර්ධන‘ නම් නව විෂය පථයක්ද හඳුන්වා දී ඇත.

නව කැබිනට් සංශෝධනයේ ලේඛණය පහතින්,

 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 23 May 2017 10:19