April 20, 2024

ප්‍රබල ඇමැති පුටුවක වෙනසක් - පෙරළියකට අතවනන කැබ්නට් සංශෝධනය හෙට 

දීර්ඝ කාලයක් තිස්සේ ඇමැති මණ්ඩල වෙනසක් සිදු වන බවට ප්‍රකාශ කළද යෝජිත කැබ්නට් සංශෝධනය හෙට (19) සිදුකිරීමට බෝහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

එහිදී අමාත්‍යවරුන් සංඛ්‍යාවේ වෙනසක් නොවන අතර කැබ්නට් සංශෝධනය ද ඇමැතිධූර කිහිපයකට පමණක් සීමා වනු ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව ප්‍රධාන පෙළේ අමාත්‍ය ධූරයක් වෙනස් කෙරෙනු ඇතැයි වාර්තා වේ. මේ අතර අමාත්‍ය ධූරයේ වෙනසක් සිදු වීමට නියමිත ඇමැතිවරයෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (16) හමුවී ඇති අතර ඔහුගේ අමාත්‍ය ධූරයේ වෙනසක් සිදුවන බවට ජනාධිපතිවරයා ඔහුට එහිදී දන්වා ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ සංචාරයක නිරත වීමට පෙර පසුගිය සතියේ සිකුරාදා රාත්‍රීයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

කෙසේ වෙතත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා සඳහන් කළේ ඉදිරියේදී සිදුකිරීමට යෝජිත කැබිනට් සංශෝධනය රටට වැඩදායී ලෙස සිදුවිය යුතු බව යි.

ඔහු පෙන්වාදෙන්නේ එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වාසි වන පරිදි කැබිනට් සංශෝධනය සිදු නොවිය යුතු බවයි.

මෙහිදී ප‍්‍රධාන පෙලේ ඇමති ධුරයක් වෙනස් වීමට නියමිත නිසා එය  දේශපාලනයේ පෙරලියක් වීමට ඉඩ ඇති බවද එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

 

Rate this item
(2 votes)
Last modified on Friday, 19 May 2017 02:00