March 28, 2024

විමල්ගේ නිවසේ කළු කොඩි හෝ බෞද්ධ කොඩියක්වත් නැත

බොහෝ දෙනෙක් අවධානයෙන් බලා සිටියේ ඉන්දියානු රජයට විරෝධය පා ප්‍රකාශ නිකුත් කල හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ කළු කොඩි ඔසවන ලෙස ඉල්ලා සිටි විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිය නිවසේ සහ පක්ෂ කාර්යාලයද ෆේස්බුක් පිටුව තුලද අනිවාර්යයෙන්ම කළු කොඩි ඔසවා හුදකලා වී හෝ තමන් යෝජනා කල සටන දියත් කරනු ඇති බවයි.

කෙසේ වෙතත් කාටත් දැකගත හැකිවී ඇත්තේ පසුගිය මැයි මස 12 වන දින සවස 4:30 වන විටත් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නිවසේ හෝ ඒ අවට කිසිම තැනක කළු කොඩියක් ඔසවා නොතැබීමයි.

වෙසක් කුඩුවක් හෝ බෞද්ධ කොඩියක්වත් දක්නට නොලැබිණි. ජාතිය හා ආගම ගැන වීරවංශ මන්ත්‍රීවරයා නිතර කතා කළත් මෙවැනි සිද්ධීන් ගැන ජනතාව පුදුමයට පත් වී තිබේ.

Rate this item
(0 votes)