April 20, 2024

මහින්ද - චන්ද්‍රිකා එකම වේදිකාවේ

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ විය.

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙම අවස්ථාවේ දී පිළිගනු ලැබූ අතර මහාවිහාර වංශික ස්‍යාමෝපාලී මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක හිමිපාණන් වහන්සේ විසින් පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටුවූහ.

 මෙම අවස්ථාවට අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, මහින්ද රාජපක්ෂ මහතා, කතානායක කරූ ජයසූරිය මහතා, අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටිති.

මේ අතර කාගේත් අවධානය යොමුවූයේ හිටපු ජනාධිපතිවරු දෙපලක් වන වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, මහින්ද රාජපක්ෂ මහතා මෙම උත්සවයේදී එකලඟ ආසනවල හිඳගෙන සිටීම පිළිබඳවයි.

Rate this item
(2 votes)
Last modified on Saturday, 13 May 2017 09:49