April 25, 2024

"මහින්ද පිල" උතුරුමැද බලය අල්ලන්න සැරසෙයි

උතුරුමැද පළාත් සභාවේ ඇමැති ධුර වලින් ඉවත් වුවද ස්වාධීන කණ්ඩායම් වල සිටිමින් උතුරු මැද පළාත් සභාවේ බලය තමන් අතට ගන්නා බව එක්සත් ජනතා නිදහස්  සන්ධානයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ අද (11) පෙරවරුවේ අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවක දී ය.

උතුරු මැද පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබ සාධන, පරිවාස හා ළමාරක්‍ෂක පරිසර හා පළාත් සභා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කේ. එච්. නන්දසේන මහතා ඊයේ (10) එම ධුරයෙන් ඉවත් කොට එම පළාත් සභාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රී එම්. හේරත් බණ්‌ඩා මහතා ඊට පත්කර ඇත.

ඊට විරෝධය පළ කරමින් එම පළාත් සභාවේ ප්‍රවාහන, ක්‍රීඩා හා යෞවන කටයුතු, ආහාර, වෙළෙඳ හා සමුපකාර කටයුතු පිළිබඳ අමාත්‍ය එස්‌. එම්. රංජිත් මහතා ද ඊයේ සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්‌විය. උතුරු මැද පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්‌ෂක, පරිසර හා පළාත් සභා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කේ. එච්. නන්දසේන මහතා එම ධුරයෙන් ඊයේ ඉවත් කොට ඊට එම පළාත් සභාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රී එම්. හේරත් බණ්‌ඩා මහතා පත්කර ඇත. හේරත් බණ්‌ඩා මහතා ඊයේ පෙරවරුවේ එම පළාත් ආණ්‌ඩුකාර පී. බී. දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

අනුරාධපුර බණ්‌ඩාරනායක මාවතේ පිහිටි ආණ්‌ඩුකාර නිල නිවසේදී ඊයේ (10 දා) පෙරවරු 9.00 ට මෙම දිවුරුම් දීම සිදුකෙරිණි.

ඇමැති ධුරයෙන් ඉවත්කරන ලද කේ. එච්. නන්දසේන මහතා සෘජුවම ඒකාබද්ධ විපක්‌ෂයට සහාය පළ කිරීම අමාත්‍ය ධුරය අහිමිවීමට හේතු වී ඇති බව පළාත් සභා ආරංචි මාර්ග පැවසී ය.

නව අමාත්‍ය ධුරයට පත් එම්. හේරත් බණ්‌ඩා මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිධාරියකු වන අතර වසර විසිපහක කාලයක්‌ රාජ්‍ය සේවයේ විධායක නිලධාරියකු ලෙස කටයුතු කර ඇත. ඔහු අවස්‌ථා තුනකදී උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර තිබේ.

ඔහු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ හොරොව්පොතාන ආසනයේ වත්මන් සංවිධායකවරයා ද වේ.

මේ අතර උතුරු මැද පළාත් සභාවේ ප්‍රවාහන, ක්‍රීඩා හා යෞවන කටයුතු, ආහාර වෙළෙඳ හා සමුපකාර කටයුතු පිළිබඳ අමාත්‍ය එස්‌. එම්.රංජිත් සමරකෝන් මහතා ඊයේ සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්‌වීමට තීරණය කළේ හේරත් බණ්‌ඩා මහතාට උතුරු මැද පළාත් සභාවේ ඔහු දැරූ ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පල කරමිනි.

ඇමැතිවරයා මේ පිළිබඳව පළාත් ආණ්‌ඩුකාර පී. බී. දිසානායක මහතා දැනුවත් කර ඇත.

Rate this item
(1 Vote)
Last modified on Friday, 12 May 2017 11:00