April 19, 2024

රාජිතගේ "කැබිනට් ප්‍රකාශක" පට්ටම ගලවන්නැයි ශ්‍රීලනිප ඇමැතිවරු ජනපතිගෙන් ඉල්ලයි   

කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ඇමැති රාජිත සේනාරත්න මහතා වහා ඉවත් කරන්නැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නියෝජනය කරන ආණ්‌ඩුවේ මැති ඇමැතිවරු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමට තීරණය කර තිබේ.

පෙරේදා (06) එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතාගේ නිවසේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නියෝජනය කරන රජයේ මැති ඇමැතිවරුන්ගේ හමුවකදී මෙම තීරණය ගෙන ඇත.

ඇමැති රාජිත සේනාරත්න මහතා කැබිනට්‌ මාධ්‍ය හමුවේදී අසත්‍ය ප්‍රකාශ කිරීම සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නියෝජනය කරන ආණ්‌ඩුවේ ඇමැතිවරුන්ට අපහාස වන අයුරින් ක්‍රියාකිරීම නිසා මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.

ඇමැති මහින්ද අමරවීර මහතාගේ නිවසේ පැවැති හමුවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නියෝජනය කරන රජයේ ඇමැතිවරුන් වන ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න, නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා, චන්දිම වීරක්‌කොඩි ඇතුළු පිරිසක්‌ සහභාගි වී ඇත.

Rate this item
(0 votes)
Last modified on Monday, 08 May 2017 14:28