April 19, 2024

ගීතාගේ මන්ත්‍රී පුටුවට හිටපු ඇමැතිවරයෙක්

අභියාචනාධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම හේතුවෙන් පුරප්පාඩු වන ගාල්ල දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්වීම සඳහා හිටපු ඇමැති පියසේන ගමගේ මහතා සුදුසුකම් ලබා ඇත.

පියසේන ගමගේ මහතා මනාප ඡන්ද 47248 ක්‌ ලබා පරාජිත මනාප ලැයිස්‌තුවේ ඉහළින්ම සිටී.

2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් මන්ත්‍රීවරුන් 06 දෙනකු ජයග්‍රහණය කළ අතර ඉන් මනාප ඡන්ද 63955 ක්‌ ලබා ගීතා කුමාරසිංහ මහත්මිය පස්‌වැනි ස්‌ථානයට තේරී පත්වූවාය.

අභියාචනාධිකරණය මෙම නඩු තීන්දුව ඉදිරියේදී පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිත අතර පාර්ලිමේන්තුව ඒ පිළිබඳව මැතිවරණ කොමිසමට දැනුම් දෙන බව වාර්තා වේ.

අනතුරුව අදාළ පුරප්පාඩුවට සුදුස්‌සකු නම් කරන ලෙස කොමිසම එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට දැනුම් දෙන බවත් එම පක්‍ෂය අදාළ නම එවීමෙන් පසුව කොමිසම එය ගැසට්‌ නිවේදනයක්‌ මගින් ප්‍රකාශයට පත්කර පාර්ලිමේන්තුව දැනුවත් කරන බවත් වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 05 May 2017 10:57