April 18, 2024

ශ්‍රීලනිප ඇමැතිවරු 05ක් ඒකාබද්ධ විපක්ෂයට! හවුල් ආණ්ඩුවේ ගිවිසුමට විරෝධයක්

ආණ්ඩුවේ ශ්‍රීලනිප ඇමැතිවරුන් පිරිසක් ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ශ්‍රීලනිප හා එජාප හවුල් ආණ්ඩුවේ දෙවසර අවසන් වන ලබන අගෝස්තුවේදී ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප ඇමැතිවරුන් 05 දෙනෙකු ඒකාබද්ධ විපක්ෂය හා එක්වීම ස්ථීර කර ඇතැයිද ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග පැවසී ය.

මේවන විට එම ඇමැතිවරුන් 05 දෙනා ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සමග ස්ථීර එකඟතාවකට පැමිණ ඇතැයිද ලබන අගෝස්තු 21 වන විට ඒ බව රටටම දැකගත හැකි වනු ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

හවුල් ආණ්ඩුවේ දෙවසරක සීමා වූ අවබෝධතා ගිවිසුම තවදුරටත් දීර්ඝ කිරීමකට එම අමාත්‍යවරුන් දැනටමත් දැඩි විරෝධය පළ කර ඇතැයි ද වාර්තා වේ.

 

Rate this item
(2 votes)
Last modified on Thursday, 04 May 2017 10:24