April 19, 2024

"ඇමතිවරු තමයි නරි" - අගමැති ඉදිරියේම ඇමැති කිරිඇල්ලගේ මූණටම කී කතාව

පසුගියදා තෙල් සේවකයින් දියත් කළ වර්ජනයත් සමඟ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා වෘත්තීය සමිති සඳහා සාකච්ඡාවක් ලබාදීමට තීරණය කළේය. 

මේ සාකච්ඡා සඳහා අගමැතිවරයා සමඟ ඇමතිවරු කිහිප දෙනෙක් සහභාගි වූහ. ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, මලික් සමරවික‍්‍රම යන ඇමතිවරුද ඒ අතර වූහ. වෘත්තීය සමිති නියෝජනය කරමින් නායකයින් පිරිසක් සාකච්ඡාවට සහභාගි වූ අතර ඛනිජ තෙල් සේවා සංගමය නියෝජනය කරන ජවිපෙ පළාත් සභා මන්ත‍්‍රී අශෝක රංවලද මේ අවස්ථාවට සහභාගි විය. 

සාකච්ඡාවට වාඩිවෙනවාත් සමඟ ඇමතිවරුන් කියා සිටියේ ”වෘත්තීය සමිතිවලට බයේ අපි වැඩ කරන්නේ නැහැ. අපි ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති තමයි කි‍්‍රයාත්මක කරන්නේ” කියාය. මේ අවස්ථාවේදී වෘත්තීය සමිති නායකයෝ ”සාකච්ඡාවෙන් පළක් නැති” බව කියමින් ඉවත්වීමට තීරණය කළෝය. 

කෙසේ වෙතත් මලික් සමරවික‍්‍රම ඇමතිවරයා මැදිහත්වී නැවත සාකච්ඡාව අරම්භ කළේය. ”පහුගිය කාලේ කිසි සද්දයක් නැතිව ඉඳලා දැන් මෙතන නරි වගේ කෑ ගහනවා.” ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා කිසිදු ඉවසීමකින් තොරව කියා සිටියේය. වෘත්තීය සමිති නායකයින් මුහුණෙන් මුහුණ බලද්දී අශෝක රන්වල මන්ත‍්‍රීවරයා ඇමතිවරයා හොඳ පිළිතුරක් දුන්නේය. ”ඇමතිතුමා අපිට නරි කිව්වට ඇත්තටම නරි ඇමතිවරු තමයි.” ඇමතිවරයාගේ මූණ ඇඹුල් වී ගියේය.

 

Rate this item
(2 votes)