April 23, 2024

දහම් සිරිසේනත් ශ්‍රීලනිප මැයි රැලියට

ශ්‍රීලනිප නායක, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාත් ඊයේ(01) ගැටඹේ පිටියේදී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළියට එක්ව තිබේ.

මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ පැවැති රැළියට පොලොන්නරුව ජනතාව සමග ඔහු පෙළපාලියෙන් පැමිණියේය.

මේ අතර ශ්‍රීලනිප රැලිය අමතමින් ජනපතිවරයා පැවසූයේ “මගේ පවුලේ කෙනකුට පුටුවක් හදන්න මම මෙතනට ඇවිත් නෑ. ශ්‍රීලනිපයේ තරුණ සංවිධානය අද නිදහසේ කටයුතු කරනවා. ශ්‍රීලනිප තරුණ සංවිධානයේ අද කුමාරවරු නෑ. තරුණ තරුණයන්ට එන්න පුළුවන්. තරුණ සංවිධානයේ විශාල දියුණුවක් ඇති වී තිබෙනවා. කාන්තා සංවිධානයේ ආර්යාවෝ නෑ. හැම කෙනකුටම වැඩ කරන්න පුළුවන්. මේ පැරදුණ පක්ෂය කොහොමද ජයග‍්‍රාහී පක්ෂයක් බවට පත්කරන්නේ. මේ පැරදුණ පක්ෂය කොහොමද අනාගතයේ ආණ්ඩුවක් හදන්නේ. මේ පැරදුණ පක්ෂය ජයග‍්‍රහණය කරන්න, මේ පක්ෂය පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් විදියට ඉදිරියට ගෙන යන්න ඕන. වංචාව, දූෂණය, නාස්තිය, හොරකම, පවුල්වාදයෙන් තොරව සැබෑ ලෙසම ස්වදේශිකවාදී චින්තනය මුල්කරගත් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයක් විදියට ඉදිරියට ගෙන යන්න ඕන. මම ඒක පක්ෂය තුළ ඇති කරලා තිබෙනවා.“

Rate this item
(0 votes)