March 29, 2024

පසුගිය රජයේ දූෂණ වංචා පරික්ෂණ ලබන මැයි දිනයට පෙර අවසන්

පසුගිය රජයේ දූෂණ වංචා පරික්ෂණ ලබන මැයි දිනයට පෙර අවසන් කළ යුතු බවත් රාජපක්ෂලා ආරක්ෂා කරන යහපාලන රජයේ පිරිස් වෙතොත් නම් ගම් සහිතව කරුණු රටට හෙළි කරන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ බොරැල්ල කැම්බල් පිටියේ පැවැති එක්සත් ජාතික පක්ෂ මැයි රැලියේ දී අදහස් දක්වමිනි. 

එහිදී අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“ගෝල්ෆේස් පිටියේ පවත්වන ඒකාබද්ධ මැයි රැළියේ මනුෂ්‍ය ඝාතකයින්, රටේ ධනය කොල්ල කෑ පුද්ගලයින්, පෙරමුණේම සිටිනවා. ඔවුන් තමයි රට හදන හැටි ගැන කථා කරන්නේ. අපි ජීවිත පුජා කරලා තමයි ජනවාරි 08 වනදා යහපාලන රජය බිහි කළේ. එම මැතිවරණයේ දී ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම, උතුර දකුණ යා කිරිම, වංචා සහ දූෂණ පිළිබද පරික්ෂණ ක්‍රියාත්මක කිරිම ගැන අදහස් පළ කළා. උතුරේ ජනතාවගේ ගැටලු පිළිබදව ද අපි කථා කළා. මුස්ලිම් ජනතාවගේ ගැටලු පිළිබදව ද අපි කථා කළා. නමුත් හිටපු ජනාධිපතිවරයා සුලු ජාතිකයින්ගේ ගැටලු ගැන සොයා බැලුවේ නැහැ. හිටපු ජනාධිපතිවරයා ඔවුන්ට කථා කළේ එලු අත්තනගලු වංශයෙන්. පසුගිය රජය සමයේ රූපවාහිනී නාලිකා වල ප්‍රවෘත්ති විකාශයන් හී දි රාජපක්ෂ පරපුරම පෙන්වූවා. අපේ ප්‍රවෘත්තියක් පෙන්වූයේ ඉන් අනතුරුවයි. ජාතික රුපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය තිබුනේ එහෙමයි. අපි මාධ්‍ය නිදහස ලබා දී තිබෙනවා. නමුත් අද හිටපු ජනාධිපතිවරයා යළි ගොඩනැගෙන ආකාරයට මාධ්‍ය අපි විවේචනය කරනවා. සීමාව දන්නේ නැහැ. 

“පසුගිය රජය සමයේ සොරකම් කළ පිරිස, මනුෂ්‍ය ඝාතන කළ පුද්ගලයින් පිළිබදව පරීක්ෂණ කඩිනම් කළ යුතුයි. ලබන මැයි දිනයට පෙර එම පරික්ෂණ අවසන් කළ යුතු බව මම මෙහිදී ප්‍රකාශ කරනවා. ඉන් පසු 2020 මැතිවරණයෙන් පසුවත් ජාතික රජයක් බිහි කරන්න අපට පුලුවන්. අපි ව්‍යවස්ථාව වෙනස් කරනවා. ජනමත විචාරණයට මුහුණ දෙනවා. ඒවාට අපි බය නැහැ. මම කියන්න කැමැතියි යහපාලන රජයේ කවුරු හරි ඒකාබද්ධ විපක්ෂය සමග සහයෝගයෙන් කටයුතු කරනවා නම්, ඔවුන් ආරක්ෂා කරනවා නම්, නම් ගම් හෙළි කරන්න මම සුදානම් කියලා. ජනතාව සමග ඔවුන්ගේ නිවාස වැටලිය යුතුයි. “ යැයිද හෙතෙම සඳහන් කළේය.

“යහපාලන රජය බිහි කර වසර 02 ක් ගත වුනා. මෙම වසර හිටපු ජනාධිපතිවරයා ඇතුලු රාජපක්ෂ පරපුර විසින් සිදූ කළ සොරකම් සහ මනුෂ්‍ය ඝාතන පිළිබද සොයන වසර විය යුතුයි. මාධ්‍යෙවිදීන්ගේ ඝාතනත් සෙවිය යුතුයි. ඒකාබද්ධ විපක්ෂය ගොල්ෆේස් පිටියට ගොස් ප්‍රකාශ කරනවා දේශය ආරක්ෂා කර ගැනීමට එකතු වෙන්න කියලා. සරත් ෆොන්සේකා මහතාට බලතල දෙනවා කිවුවාම රාජපක්ෂ පවුලම බියට පත් වුනා. ඊට වඩා අමාත්‍ය ඩබි.ඩි.ඡේ සෙනෙවිරත්න මහතා ගිනි අරගෙන තිබුනා. එම අමාත්‍යවරයා රත්නපුරයේ දී එකක් කියනවා. ජනාධිපතිවරයා ලග තව එකක් කියනවා. සරත් ෆොන්සේකා මහතා විතරක් නොවෙයි තවත් අය දාලා හරි මෙම පරීක්ෂණ අවසන් කළ යුතුයි. දැනට වසර 02 ක් ගත වී තිබෙනවා. එම නිසා රාජපක්ෂ පවුල දන්නවා ඊට පෙර රජය පෙරලා දැමිය යුතු බව. රජය පෙරලා දැමීමට තමයි ඔවුන් උත්සාහ කරන්නේ. ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේ සදහන් වෙනවා.“ යැයිද රාජිත සේනාරත්න මහතා පැවසී ය. 

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 03 May 2017 11:20