April 18, 2024

ඒකාබද්ධයේ මැයි රැලියට ශ්‍රීලනිප මන්ත්‍රීවරු පිරිසක් යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර පිටියේදී පැවැත්විණි. 

“වැඩබිම, මව්බිම, ගොවිබිම, සුරකින අරගලය“ යන මැයෙන් මෙවර ඒකාබද්ධ විපක්ෂය මැයි රැළිය සංවිධාන කර තිබිණි. 

මැයි රැළියට සමගාමීව ඒකාබද්ධ විපක්ෂයේ මැයි පෙළපාලිය කොම්පඤ්ඤවීදිය මං සන්ධියෙන් ආරම්භ විය. ඉන් අනතුරුව කොම්පඤ්ඤවීදියේ සිට ගාලුමුවදොර වටරවුම දක්වා පැමිණ එම පිරිස ගාලුමුවදොර පිටිය වෙත ළඟා වූහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ද ඊට එක්ව සිටියේය. 

ඒ අනුව ශ්‍රීලනිප මතුගම ආසන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම, ශ්‍රිලනිපයේ කටයුතු කරන බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, ගාමිණී ලොකුගේ, ඩලස් අලහප්පෙරුම, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්ච්, රංජිත් සොයියා, ගීතා කුමාරසිංහ, සාලින්ද දිසානායක, දිලුම් අමුණුගම, ප්‍රසන්න රණවීර යන මහත්වරුන්ද එක්ව සිටියහ.

මීට අමතරව පසුගියදා ශ්‍රීලනිප සංවිධායක ධූරවලින් ඉවත් කළ ලොහාන් රත්වත්තේ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, අනුර විදානගමගේ යන මහත්වරුන්ද ඒකාබද්ධ විපක්ෂය මැයි රැළියට එක්ව සිටියහ.

 

Rate this item
(0 votes)