April 25, 2024

මේ වසරේ පළමු මැතිවරණය ජනමත විචාරණයයි 

යහපාලන රජය 2017 වසරේ මුහුණ දෙන ප්‍රථම මැතිවරණය ජනමත විචාරණය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසයි. 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී අදහස් පළ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ නව ව්‍යවස්ථාව සදහා එම ජනමත විචාරණය පවත්වන බවයි. 

පාර්ලිමේන්තුවෙන් එය සම්මත වූ පසු ජනමත විචාරණයට ලක් කරන බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

නව ව්‍යවස්ථාව සකස් කිරීම සදහා මේ වනවිට කමිටු පත්කිරීම සහ ජනතාව දැනුවත් කිරීම ආරම්භ කර ඇති බවත් කඩිනමින් ව්‍යවස්ථාව සකස් කරන බවත් අමාත්‍යවරයා සදහන් කරයි. 

ජනමත විචාරණයෙන් පසු පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය පවත්වන බව ද අමාත්‍යවරයා අවධාරණය කර සිටි. 

සියළුම පළාත් සභා මැතිවරණ එකම දිනයක දී ද, සියළුම පළාත් පාලන ආයතන මැතිවරණ එකම දිනයක දී ද පැවැත්වීමට රජයේ අවධානය යොමුව ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි. 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 26 April 2017 15:36