April 20, 2024

ජනපති කොළඹ නිල නිවසේදී අලුත් අවුරුදු චාරිත‍්‍ර ඉටු කරයි

සිංහල සිරිතට මුල් තැන දෙමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (14) කොළඹ ජනාධිපති නිල නිවසේ සිට අලුත් අවුරුදු චාරිත‍්‍ර ඉටුකිරීමට එක් විය. 

ජයන්ති සිරිසේන මහත්මිය සහ චතුරිකා, දහම්, තිළිණ, ධරණී ඳූ පුතුන් සමග එක්ව නැකතට ලිප ගිනි දැල්වූ ජනාධිපතිවරයා අලුත් අවුරුදු චාරිත‍්‍රවල නිරත විය.

වැඩ ඇල්ලීමේ චාරිත‍්‍රය ඉටු කරමින් ජනාධිපති නිල නිවස පරිශ‍්‍රයේ රත් සඳුන් පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

අනතුරුව ගනුදෙනු කිරීමේ චාරිත‍්‍රය සඳහා එක් විය.

උදා වූ සිංහල අලුත් අවුරුද්දට ජනාධිපතිවරයාට සුබ පැතීමට මැති ඇමතිවරු මෙන්ම හිතවතුන් ද ජනාධිපති නිල නිවස වෙත පැමිණ සිටි අතර ඔවුන් සුහදව පිළිගත් ජනාධිපතිවරයා ආහාර පාන වලින් සංග‍්‍රහ කළේය.

 

Rate this item
(0 votes)