April 25, 2024

කුරුණෑගල ශ්‍රීලනිප පුටු මාරුවක් - මෛත්‍රීගෙන් නව පත්වීම්

කුරුණෑගල දිස්ත‍්‍රික්කය සඳහා ශ‍්‍රීලනිප නව ආසන සංවිධායකවරුන් සිව්දෙනෙකු සහ දිස්ත‍්‍රික් සංවිධායකවරුන් තිදෙනක් ඊයේ(11) ජනාධිපති නිලනිවසේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.

ඒ අනුව නව පත්වීම් පහත පරිදි වේ.

නව ආසන සංවිධායක ධූරයන්

01. බිංගිරිය ආසනය – ධර්මසිරි දසනායක මහතා
02. පඩුවස්නුවර ආසනය – දයාසිරි ජයසේකර මහතා
03. පොල්ගහවෙල ආසනය – ජයරත්න හේරත් මහතා
04. කුරුණෑගල ආසනය – ලක්ෂ්මන් වෙඩරුව මහතා

නව දිස්ත‍්‍රික් සංවිධායක ධූරයන්

01. ගුණදාස දෙහිගම මහතා
02. අනුරාධ සම්පත් හේවගේ මහතා
03. එම්.එස්.එම් ෆාහිම් මහතා

මෙම අවස්ථාව සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා ද එක්ව සිටියේය.

Rate this item
(0 votes)