April 25, 2024

ජනපති භාරයක් ඔප්පු කරයි

නියං තත්ත්වය පහව ගොස් රටට සෞභාග්‍යය මෙන්ම වැසි ප‍්‍රාර්ථනා කරමින් 2016 දෙසැම්බර් 24 වන දින දිඹුලාගල සොරිවිල දේවාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරටු කර ගනිමින් මහවැලි ගොවීන් එක්ව සිදුකළ භාරවීමේ අනුහසින්, නිසි කලට වැසි ලැබී කෙත් වතු සරු සාර වී පුලතිසි පුරවරයට උදා වූ සශී‍්‍රකත්වය උදෙසා තුති පුදනු වස් ශී‍්‍ර ලංකා මහවැලි අධිකාරියේ පූර්ණ දායකත්වයෙන් භාරය ඔප්පු කිරීමේ මංගල්‍ය පෙරේදා (09) දිඹුලාගල සොරිවිල දේවාල පරිශ‍්‍රයේ දී පැවැත්විණි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ද එම අවස්ථාවට එක්වූ අතර එහිදී චාරිත‍්‍රාණුකූලව ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.

අනතුරුව ආගමික වතාවත් සඳහා එක් වූ ජනාධිපතිවරයා ආශිර්වාද ලබා ගත්තේය.

මහවැලි ගොවීන් විසින් මහ කන්නයේ ලබාගත් අස්වැන්නේ අග‍්‍ර කොටසින් කිරි ඉතිරීමේ මංගල්‍යය ද මේ හා සමගාමීව සිදු විය.

දේවාල පරිශ‍්‍රයේදී ආදි වාසින් ඉදිරිපත් කළ අං කෙළිය, කොහොඹ කලේ සහ කිරි කොරහ ශාන්ති කර්මය නැරඹීමට ද ජනාධිපතිවරයා එක්විය.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා ගොවීන් සහ මහවැලි නිලධාරින් සමග සුහද හමුවකට ද එක් විය.

වස විස නැති පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයක් තුළින් වැඩි අස්වැන්නක් ලබා ගැනීම උදෙසා පළිබෝධ හා රෝග පාලන ක‍්‍රමවේදයන් සඳහා යොදා ගන්නා යන්ත‍්‍ර උපකරණ ප‍්‍රදර්ශනය කිරීමක් ද මෙහිදී සිදු වූ අතර එය ද ජනාධිපතිවරයාගේ නිරික්ෂණයට ලක් විය.

 

Rate this item
(0 votes)