April 24, 2024

පුටින්ගෙන් නොලද වරමක් මෛත්‍රීගේ දුත පිරිසට 

වසර 43කට පසු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට රුසියානු රජයේ සහ ජනපති පුටින්ගේ නිල පෞද්ගලික ආරාධනයක් සිය පවුලට සහ රජයට හිමිවිය.

1974 දී මීට ප්‍රථම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට මෙවැනිම ආරාධනයක් එවකට රුසියානු නායකයා වූ ලියොනිඩ් ජනපතිවරයාගෙන් නිල පෞද්ගලික ආරාධනයක් සිය පවුලට සහ ශ්‍රී ලංකා රජයට හිමිවිය.

එදා ඒ ඓතිහාසික සංචාරයට අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සමග එතුමියගේ පුත් අනුර බණ්ඩාරනායක මහතාද එක්විය. එදා එම සංචාරයේදී මැතිනියට සහ පුත් අනුර බණ්ඩාරනායක මහතාට සහ ශ්‍රී ලංකා නියෝජිතයන්ට ඉහල ගෞරවයක් සහ ඉහල පිළිගැනීමක් රුසියානු රජය විසින් ලබාදෙන ලදී.

හිටපු ජනාධිපතිවරුන් වන ජේ.ආර් ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියට කිසිදා රුසියානු නිල සංචාරයක් ලැබුනේ නැත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කෙසේ වෙතත් අවස්ථා දෙකකදී රුසියාවට සංචාරය කර ඇත. එක් අවස්ථාවක් නම් රුසියානු විශ්ව විද්‍යාලයේදී ඔහුට පිරිනැමෙන ගෞරව ආචාර උපාධිය ලබාගැනීමට කල සංචාරයයි. මහින්ද රාජපක්ෂ මහතාට රුසියාවෙන් පිරිනමා තිබුනේ ඩිප්ලෝමා සහතිකයකි. තවත් අවස්ථාවකදී ආර්ථික සමුළුවකට සහභාගී වූ මහින්ද රාජපක්ෂ මහතාට රුසියානු නායකයන් එහිදීද මුනගැසී තිබිණි. ඒ කිසිදු අවස්ථාවක් රුසියානු රජයේ නිල ආරාධනයක් මත සිදුවූ සංචාර නොවේ.

ඔහු ජනාධිපතිවරයාව සිටි වසර 10 ක කාලය තුලදී කිසි දවසක ඔහුට හෝ පවුලේ කිසිදු සාමාජිකයෙකුට රුසියානු රජය නිල ඇරයුමක් සිදු නොකල බව වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෝවා සමුළුවේදී හමුවී ඇති කර ගත් මිත්‍රත්වයෙන් ජනාධිපති පුටීන් 1974දී මැතිනියට සහ පවුලේ සාමාජිකයන්ට කල රුසියානු රජය කල නිල ආරාධනය මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, පවුලේ සාමාජිකයන්ට සහ ශ්‍රී ලංකා රජයට නිල ආරාධනය කරන ලදී. 

රාජ්‍ය නායකයෙකුට දිය හැකි ඉහලම ගෞරවය රුසියානු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සහ පවුලට ලබා දෙන ලදී. එයට හේතුව නම් ජනාධිපතිවරයා පෞද්ගලිකවම ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ පවුලට කල ඇරයුමක් නිසාය. රුසියානු ජනාධිපතිවරයා ගෞරවනීය ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට අරාබියේ රජුන් රුසියාවට පැමිණි අවස්ථාවේදී ලබා දුන් ආරක්ෂික රථ පෙළකට වඩා වැඩි රථ ප්‍රමාණයක් ලබා දෙන ලදී. අසන්න වශයෙන් මෝටර් රථ 47ක් සහ යතුරු පැදි 9ක් ඊට ඇතුලත් විය. හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩි මුර 21 ජනාධිපතිවරයාට පිරිනමන ලදී.

එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සහ පුත් අනුර බණ්ඩාරනායක මහතා ලද ගෞරවය වසර 43කට පසු ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජයන්ති සිරිසේන මහත්මිය සහ ජනපති පුත් දහම් සිරිසේන මහතා හට එම ගෞරවය රුසියානු ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් පිරිනමන ලදී. 

Image may contain: 3 people, people standing

Image may contain: 2 people, people standing and suit

Image may contain: 2 people, people standing

Image may contain: 2 people, people standing and suit

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 08 April 2017 09:56