April 20, 2024

අගමැතිගේ යෝජනාවට එරෙහිවූ ඇමැතිවරුන්ට අගමැතිගෙන් වාග් ප්‍රහාරයක්?

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (04) පැවැති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට ඇමැතිවරු විරෝධය පළ කර තිබේ.

ත්‍රිකුණාමලය වරායේ තෙල් ටැංකි කිහිපයක් ඉන්දීය සමාගමකට බදු දීම සම්බන්ධයෙන් අගමැතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනකුගේ විරෝධය පළ කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

ත්‍රිකුණාමලය වරායේ තෙල් ටැංකි 15ක් ඉන්දීය සමාගමට බදු දී 15ක් රජය සන්තකයේ තබා ගත යුතු බවට එහිදී ඛනිජ තෙල් සංවර්ධන ඇමති චන්දිම වීරක්කොඩි මහතා එහිදී ප්‍රකාශ කර ඇති අතර රජයේ දේපළ මෙලෙස විකිණීමෙන් ජනතා විරෝධයක් මතු විය හැකි බවට එහිදී දයාසිරි ජයසේකර ඇමැතිවරයාද පෙන්වා දී තිබේ.

රටේ ආර්ථික මර්මස්ථාන පිටරටට විකුණන බවට ජනතාව තුළ කුකුසක් ඇති වී ඇති බැවින් මෙම කටයුතු විනිවිද භාවයකින් යුතුව සිදු විය යුතු යැයි අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරයාද මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

“ජනතාව ගැන අපි බලාගන්නම්. ඇමැතිවරු ඊට වද විය යුතු නෑ“ යැයි එහිදී අගමැතිවරයා තදින් පවසා ඇතැයි එම ආරංචි මාර්ග පැවසී ය.

Rate this item
(0 votes)