April 20, 2024

එජාපය ඇමැති තනතුරු අතහරී?

එක්සත් ජාතික පක්ෂයේ ඕනෑම් වෙලාවක ඕනෑම කෙනෙකු තනතුරු අත්හැරීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන පිළිබඳ අමාත්‍ය තළතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ ඕනෑම් වෙලාවක තනතුරු අත්හැරීමටත් තනතුරු බාර ගැනීමටත් සූදානම් බවයි.

එක්සත් ජාතික පක්ෂයට ප්‍රතිසංවිධානයක් නොමැති බවත් වාර්ෂිකව එජාපය පක්ෂයේ සංවිධාන කටයුතු සිදුකෙරෙන බවත් අලුත් මුහුණු පක්ෂයේ තනතුරුවලට පත් කිරීම ගැන ප්‍රශ්නයක් නොමැති බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.

කවුරු කුමන ප්‍රකාශ සිදුකළත් මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක අවුරුදු 70ක් තිස්සේ තට්ටු මාරු ක්‍රමයට රට පාලනය කළ බව පැවසූ අමාත්‍යවරිය තනි පක්ෂයක් ලෙස වැඩිම පාක්ෂික පිරිසක් ඉන්නේ එක්සත් ජාතික පක්ෂයට බවත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය සෑම අවස්ථාවකදී පක්ෂ කිහිපයක් එකතු කර ගනිමින් බලය ලබා ගන්නා බවත් කියා සිටියාය.

එජාපය ආණ්ඩුවෙන් ගැලවෙයි?

කෙසේ වෙතත් තම පක්‍ෂයේ එකඟත්වයකින් තොරව ඇමැති මණ්‌ඩල සංශෝධනයක්‌ සිදු කළහොත් පක්‍ෂයක්‌ ලෙස ඊට එරෙහිවීමක්‌ වශයෙන් ආණ්‌ඩුවෙන් ඉවත් විය යුතු බවට එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රබල මන්ත්‍රීවරු කණ්‌ඩායමක්‌ පක්‍ෂ නායකත්වයට යෝජනා කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

කොළඹ, කුරුණෑගල හා ගම්පහ දිස්‌ත්‍රික්‌ක නියෝජනය කරන එජාප තරුණ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුගේ මෙහෙයවීමෙන් පිහිටුවාගෙන ඇති මෙම මන්ත්‍රී කණ්‌ඩායම සිදුකිරීමට සූදානම් වන ඇමැති මණ්‌ඩල සංශෝධනය පිළිබඳව අවස්‌ථා කිහිපයකදීම රැස්‌වී සාකච්ඡා පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පවසයි.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ දැඩි මතධාරි කිහිපදෙනකුගේ අවශ්‍යතාව මත මෙම සංශෝධන සිදුකිරීමට ජනාධිපතිවරයා සූදානම් වන බව ඔවුන් පෙන්වා දී ඇති අතර ඔවුන්ට ලැබී ඇති තොරතුරුවලට අනුව මුදල් ඇමැති ධුරයේ වෙනසක්‌ සිදුකිරීමට සූදානම් වන බව ද දකුණු ආසියාවේ හොඳම මුදල් ඇමැති ලෙස සම්මාන ලැබූ රවි කරුණානායක ඇමැතිවරයා මෙරටදී අමාත්‍යාංශයෙන් ඉවත් කිරීම දැඩි ප්‍රශ්නයක්‌ බව ද පෙන්වා දී තිබේ.

ඇමැති මණ්‌ඩලය පත්කරනු ලැබුවේ එජාප හා ශ්‍රීලනිප එකඟතාවක්‌ අනුව යැයි ද එම එකඟතාව කඩකර ශ්‍රීලනිපයට අවශ්‍ය පරිදි එජාප ඇමැති ධුර වෙනස්‌ කළහොත් වහාම දැඩි ක්‍රියාමාර්ගවලට එළැඹිය යුතු බව ද ඔවුන් පෙන්වා දී තිබේ.

මේ පිළිබඳව මන්ත්‍රීවරුන් පිරිස පක්‍ෂ නායකත්වය හමුවී සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 April 2017 13:20