April 25, 2024

විපක්ෂ නායකකම ඒකාබද්ධ විපක්ෂයට?

පාර්ලිමේන්තුවේ විපක්ෂය ලෙස සිය කණ්ඩායම පිළිගන්නැයි ඒකාබද්ධ විපක්‍ෂය කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් වේ. 

ඒ අනුව පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ කාර්ය භාරය නිසි පරිදි ඉටු කිරීමට නම් මන්ත්‍රිවරුන් පනස්දෙදෙනකු නියෝජනය කරන ඒකාබද්ධ විපක්‍ෂය, පාර්ලිමේන්තුවේ විපක්‍ෂය ලෙස පිළිගන්නා ලෙස කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් බව වාර්තාවේ.

දැනට පාර්ලිමේන්තුවේ පිළිගෙන තිබෙන විරුද්ධ පක්‍ෂය සතුව සිටින්නේ මන්ත්‍රීවරු 16 දෙනකු බවත් විපක්‍ෂයේ භූමිකාව නිසි අයුරු සිදු නොවන බවත් ඒකාබද්ධ විපක්‍ෂය පෙන්වා දෙයි.

ඒකාබද්ධ විපක්‍ෂය, පාර්ලිමේන්තුවේ නිල විපක්‍ෂය ලෙස පිළිගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුවත් කර ඉල්ලීම් ඉදිරිපත් කිරීමටද ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර ඇතැයි වාර්තාවේ.

මේ වන විට පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ කණ්ඩායමක් ලෙස කතානායකවරයා විසින් ඒකාබද්ධ විපක්‍ෂය පිළිගෙන ඇතැයි ඒකාබද්ධ විපක්‍ෂය සඳහන් කරයි. 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 April 2017 13:20