April 25, 2024

ඇමැති මාරුව අතලඟ: අලුත් ඇමැතිධූරය බාරගැනීමට රාජිත සුදානම්!

කැබිනට් සංශෝධනයේ දී ලබාදෙන ඕනෑම අමාත්‍යාංශයක් බාරගෙන හොදින් වැඩ කිරීමට සූදානම් බවත් තමා ඉදිකිරීම්, ඉංජිනේරු, ධීවර හා ජලජ සම්පත් හා වර්තමානයේ සෞඛ්‍ය අමාත්‍යධූරයෙත් හොදින් වැඩ කරන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ දිවයින පුරා ස්ථාපිත කළ රුධිර පාරවිලයන මධ්‍යස්ථාන 19 න්, 07 වන මධ්‍යස්ථාන පසුගියදා වවුනියාව දිස්ත්‍රික් මහ රෝහලේ දී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

උත්සවයෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය. “කැබිනට් සංශෝධනයේ දී ලබාදෙන ඕනෑම අමාත්‍යාංශයක් බාරගෙන හොදින් වැඩ කරනවා. මම ඉදිකිරීම්, ඉංජිනේරු, ධීවර හා ජලජ සම්පත් හා වර්තමානයේ සෞඛ්‍ය අමාත්‍යධූරයෙත් හොදින් වැඩ කරනවා. අලුත් තනතුරක් ලැබුනත් එහි වැඩකිරීමටත් මම සුදානම්.” 

ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ "මම විදේශගත වී ඊයේ රාත්‍රීයේ තමයි ලංකාවට පැමිණියේ. මම විදේශගතවීමට ප්‍රථම ජනාධිපතිවරයා සමග ජනමත විචාරණය පිළිබදවත් සාකච්ඡා කළා. එහිදී තීන්දු තීරණ කිහිපයක් ගත්තා. ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ සියළු දෙනා සාකච්ඡා මාර්ගයෙන් පිළිගත හැකි විසදුමට ඉදිරීයේ දී පැමිණේවි.”

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අධිකරණය තුළ දී උපවාස කිරිම පිළිබදව අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා අධිකරණ තීන්දුවලට සියළු දෙනා යටත් විය යුතු බව ද ප්‍රකාශ කළේය. කොරියාවේ ජනාධිපතිනිය අත්අඩංගුවට ගත් බව පැවැසු අමාත්‍යවරයා ඇය උපවාසයක් ආරම්භ නොකළ බව ප්‍රකාශ කළේය. 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 April 2017 10:53