March 29, 2024

කැබිනට් වෙනසට එජාපය ලෑස්තියි!

ඉදිරි මාස කිහිපය තුළ අමාත්‍ය මණ්ඩල තනතුරුවල සංශෝධනයක් ඇතිවන බැවින් ඒ වෙනුවෙන් තමන් මේ දිනවල කුඹුරු කොටන්න පුරුදුවෙන බව එක්සත් ජාතික පක්ෂ මහ‍ලේකම්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂීම් මහතා පවසයි.

මහ ලේකම්වරයා මේ බව පැවසූයේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

නමුත් තමන් දරන අමාත්‍යධුරයේ කාලයක් රැඳී සිටීමෙන් තම රටට වඩාත් ඵලදායී සේවාවක් කිරීමට හැකිවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එනමුත් රජයේ අවශ්‍යතා මත මීට පෙරද කැබිනට් මණ්ඩල සංශෝධන ගෙන ඇති බවත් ඇතැම් විට කැබිනට් මණ්ඩලය තුළ එවැනි දෑ සිදුවෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අප්‍රේල් 5 වැනිදා රැස්වන බවත් අලුත් තනතුරු කිහිපයක් ලබාදීමට සාකච්ඡා කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 March 2017 10:27