April 19, 2024

ඒකාබද්ධ විපක්ෂය ජනපතිගෙන්, අගමැතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ආරම්භ කර ඇති උපවාසය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රමාත්‍යවරයා දැනුවත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.

ඒ සඳහා ඔවුන්ගෙන් මේ වන විට සාකච්ඡා සඳහා අවස්ථාවක් ඉල්ලා ඇති බව වාර්තා වේ.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම ලෙස මෙම සාකච්ඡාව සඳහා ඉල්ලීම් කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා ආරම්භ කර ඇති උපවාසය ඔහුට ඇප ලබාගැනීම සඳහා ආරම්භ කළ උපවාසයක් නොවන බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 March 2017 10:26